Divaina - සිව්වැනි වරටත් ගානියා අද සීඅයිඞීය හමුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගානියා බැරිස්ටර්ස්ගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා සිව්වැනි දිනටත් අද (16 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

මෙම සේවිකාව මීට පෙර දින තුනක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශ දුන් අතර පසුව ඇය දින දෙකක් එම දෙපාර්තමේන්තුව මග හරිමින් ප‍්‍රශ්න කිරීම් සඳහා ඉදිරිපත් නොවූවාය. මෙම සේවිකාව මේ වන විට ලබාදී ඇති තොරතුරු බහුතරයක් අසත්‍ය ඒවා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගාලියාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරද්දී ඇය දැඩි අපහසුතාවකට පත්වූ අතර අවස්ථා දෙකකදී සිහිසුන් වූ බවද වාර්තාවේ.

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගෙන් තවත් වැදගත් තොරතුරු රැුසක් අනාවරණය කර ගැනීමට අවශ්‍ය නිසා ඇයගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළ යුතුව ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles