Divaina - පාඨලීට සහ රියදුරුට විදෙස්‌ ගමන් තහනම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 ඒ. ඡේ. ඒ. අබේනායක
 
champiksd135 හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියෑදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර නමැත්තාට විදෙස්‌ ගතවීම වළක්‌වමින් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (13 දා) තහනම් නියෝගයක්‌ නිකුත් කළාය.
 
 2016 පෙබරවාරි 28 වැනිදා රාත්‍රි රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට ලක්‌ කර බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණයක්‌ ආරම්භ කොට ඇති බව දන්වමින් කොළඹ අපරාධ කොට්‌ඨාසය කළ ඉල්ලීමක්‌ සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
 
 
 එම අනතුර සිදුකළ රථය රිය අනතුර සිදුවන අවස්‌ථාවේ පදවා ඇත්තේ සැකකාර රියෑදුරු නොව පාඨලී චම්පික මන්ත්‍රීවරයා බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත්, එම ප්‍රකාශ ලබා ගැනීමට පෙර ඔහු විදේශ ගතවීමට ඉඩ ඇති නිසා විදේශ ගතවීම වළක්‌වන නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් කොළඹ අපරාධ කොට්‌ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles