Divaina - අභියාචනාධිකරණ විනිසුරු ධුරයට ජනපති යෑවූ නමට අනුමැතිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 අකිත පෙරේරා
 
 මාස හයකට අධික කාලයක්‌ තිස්‌සේ පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාව පෙරේදා (12 දා) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.
 
 ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය විශ්‍රාම යැම මත පුරප්පාඩු වූ අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා මහාධිකරණ විනිසුරු එම්. ඩී. එස්‌. අබේරත්න මහතා පත්වනු ඇත.
 
 නව ආණ්‌ඩුව යටතේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව පළමුවරට රැස්‌වූයේ පෙරේදා (12 දා) පෙරවරුවේය. නිල බලයෙන් අගමැති සහ විපක්‌ෂ නායක මෙහි සාමාජිකයෝ ලෙස පත් වෙති. එහෙත් අගමැතිවරයා සහ විපක්‌ෂ නායකවරයා ඊයේ රැස්‌වීමට සහභාගි වී නැත.
 
 විපක්‌ෂ නායක ලෙස මෙතෙක්‌ සජිත් ප්‍රේමදාස මහතාගේ නම පාර්ලිමේන්තුවේ නිල වශයෙන් නිවේදනය කර නැති නිසා ඔහුට ඊයේ ව්‍යවස්‌ථාදායක සභාවට සහභාගි වීමේ අවස්‌ථාව අහිමි විය.
 
 අගමැති, විපක්‌ෂ නායක දෙදෙනාට අමතරව සාමාජිකයන් වන තලතා අතුකෝරළ, ආර්. සම්බන්ධන්a යන දෙදෙනා ද ඊයේ සහභාගි වී නැත.
 
 ව්‍යවස්‌ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතීත්වය යටතේ පාර්ලිමේන්තුවේදී රැස්‌විණි. එහි සෙසු සාමාජිකයන් වන මහින්ද සමරසිංහ, බිමල් රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, සිවිල් නියෝජිතයන් වන ජයන්ත ධනපාල, නාගානන්දන් සෙල්වකුමාර් සහ ජාවේඩ් යූසූප් යන අය ද සහභාගි වූහ.
 
 ජනාධිපතිවරයා විසින් ව්‍යවස්‌ථා සභාව වෙත මෙම නිර්දේශය කරනු ලැබුවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles