Divaina - අපේක්‌ෂා රෝහල පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක්‌ රෝහල් අධ්‍යක්‍ෂ ජනපතිට ලියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
 මහරගම අපේක්‌ෂා රෝහලට විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට යෑයි පවසමින් රුපියල් කෝටි 100 ක මුදලක්‌ එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක්‌ සිදුකෙරෙමින් තිබෙන බවට එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ලිතවම පැමිණිලි කර තිබේ.
 
 රෝහල් අධ්‍යක්‍ෂවරයා ජනාධිපතිවරයාට යෑවු ලිපියේ මෙසේද සඳහන් වේ.
 
 ජනාධිපතිතුමනි, මේ වනවිටත් මෙම ජාවාරමින් රුපියල් කෝටි 14 ක්‌ පමණ එකතුවී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙම මුදල් ගැනීමේදී අපේක්‌ෂා රෝහල් ගිණුමට කියා පැවසුවද එය එම ගිණුමට බැරනොවේ. මෙම වංචාව පිළිබඳව මා මහරගම හා මිරිහාන පොලිසි දැනුවත් කර තිබේ. එහෙත්, තවම කිසිදු පරීක්‍ෂණයක්‌ කර නොමැත. මෙම මුදල් යන්නේ කොතැනටද? යන්න පිළිබඳව වහාම පරීක්‍ෂයක්‌ කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
 
 මෙහිදී කථා කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙසේද කීය.
 
 "මම මේ හෙළිදරව් කිරීමත් සමඟ මේ මුදල් එකතුකරන මොහොමඩ් නැමැත්තා මට බලපෑම් කරනවා එයා ගැන හොයන්න එපා කියලා. මට විරුද්ධවු මඩ ප්‍රහාරයකුත් ඔහු ක්‍රියාත්මක කරගෙන යනවා.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles