Divaina - එක්ස් කිරණ පරීක්‍ෂාව සෞඛ්‍යයට අහිතකර නිසා කොළඹ වරායේ බහාලූම් ප‍්‍රවාහන සේවකයෝ රාජකාරිවලින් බැහැර වෙති

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

කොළඹ වරායේ නව එක්ස් (X) කිරණ යන්ත‍්‍රය මඟින් බහලූම් ප‍්‍රවාහන සේවකයන්ට ඇතිවන හානි ගැන බලධාරීන් අවධානයක් යොමු නොකිරීම නිසා බහලූම් ප‍්‍රවාහනයෙන් ඉවත් වූ බව පෞද්ගලික බහලූම් ප‍්‍රවාහන සංගමයේ ප‍්‍රධාන ලේකම් බී. අයි. ආබ්දීන් මහතා ඊයේ (09 දා) පැවසීය.

මේ නිසා දෛනිකව ආනයන අපනයන කටයුතු සිදුකරන බහලූම් 1800 ක් පමණ ඊයේ (09 දා) ගොඩගැසී තිබූ බව ද ඔහු කීය.

මෙම විරෝධතාව බහලූම් පරීක්‍ෂා කරන ස්කෑනර් යන්ත‍්‍රයට නොවන බවත් මීට පෙර බහලූම් පරීක්‍ෂා කිරීමේදී රියැදුරා නොමැතිව බහලූම් පරීක්‍ෂා කිරීමෙන් පසු රියැදුරා බහලූම සහිත කන්ටේනර් රථය ගෙන ගිය බවත් ඔහු කීය. එහෙත් මීට සතියකට පමණ පෙර සවි කළ නව එක්ස් :ං) කිරණ යන්ත‍්‍රය මඟින් රියැදුරා සමග පරීක්‍ෂාවට ලක් කිරීම නිසා සෞඛ්‍යමය හානියක් සිදුවන නිසා ඔවුන් බහලූම් ප‍්‍රවාහනයෙන් ඉවත් වූ බව ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡුා කළත් නිසි විසඳුමක් නොලැබීම මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ගත් බවත් සේවකයන්ට හානියකින් තොරව රැුකියාව කර ගැනීමට වටපිටාව සලස්වන තෙක් මෙය ඉදිරියට ගෙනියන බවත් ඒ මහතා කීය.

චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles