Divaina - රජයේ විධායක නිලධාරීන්ට රු. 15,000 ක දීමනාවක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට 2020 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමට අදාළ චක‍්‍රලේඛය ඊයේ (9 දා) නිකුත් විය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කරන ලද චක‍්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත යැවීමට තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා 15,000 ක දීමනාවක් ගෙවීමට කටයුතු කෙරේ.

එක් එක් සේවාවන්හි සුවිශේෂීත්වය වෙනුවෙන් දැනට 15,000 ට වැඩි විශේෂ දීමනාවක් ලබා දෙන්නේ නම් එකී සේවාවල නිලධරයන්ට මෙම දීමනාව හිමිනොවේ. තවද එකී සේවාවන්හි නිලධරයන්හට ගෙවනු ලබන දීමනාව 15,000 ට අඩුනම් එම දීමනාව 15,000 දක්වා ගෙවනු ලබයි.

රාජ්‍ය සේවයේ විධායක සේවාවල නිලධාරීන් සඳහා මෙම දීමනාව ගෙවනු ලැබුවත් ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධරයන් අපේක්‍ෂා කළ වැඩිවීම මෙය නොවන බව එම සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ‘දිවයින’ට පැවසීය.

ඉංජිනේරු, වෛi, අධිකරණ ක්‍ෂේත‍්‍රවල නිලධාරීන් සඳහා රුපියල් 35,000 ක දීමනාවක් ගෙවනු ලබන බවත් එම දීමනාව ශී‍්‍ර ලංකා පරිපාලන සේවය ඇතුළු ඊට සමාන ශ්‍රේණිවල අයටත් ගෙවන ලෙස ඉල්ලීම් කළ බවත් ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා,  අගමැතිවරයා ඇතුළු වගකිවයුත්තන් සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles