Divaina - සා. පෙළ අවසන් වනදා කලබල කළොත් ප‍්‍රතිඵල අවලංගුයි - විභාග කොමසාරිස් ජනරාල්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

olඅධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසුව කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

විභාගය ලබන බ‍්‍රහස්පතින්දා (12 දා) අවසන් වන අතර විභාගය අවසන් වීමෙන් පසු සාමකාමීව නිවාසවලට යන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

එසේ නොකර විභාගය අවසන්වීමෙන් පසු විභාග මධ්‍යස්ථානයේ දී හෝ එම පරිශ‍්‍රයේදී කලහකාරී ලෙස හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට හානි සිදුකළහොත් දැඩි දඬුවම් පමුණුවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලූම අයදුම්කරුවන්ට දන්වා සිටී. මෙහිදී විභාග ප‍්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් විභාග ශාලාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවත් ඒ මහතා කියයි.

මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් වෙතොත් 1911 ක්‍ෂණික ඇමතුම් අංකය, පොලිස් මූලස්ථානය 011-2421111, පොලිස් හදිසි ඇමතුම් අංකය 119, පාසල් විභාග සංවිධාන ප‍්‍රතිඵල 011-2784208 - 011-2784537, 011-3188350, 011-3140314 අංක වෙත දැනුම් දිය හැක.

චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles