Divaina - කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ඩ්‍රෝන යානාවක් කඩාවැටේ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය තුළට එවන ලද බෝලයක හැඩය ගත් කුඩා ඩ්‍රෝන යානාවක් ඊයේ (09 දා) පෙරවරු 6.00 ට පමණ බන්ධනාගාරයේ බී වාට්ටුව අසලට ඇදවැටී තිබේ.

එසේ කඩා වැටීමෙන් පසුව එම ඩ්‍රෝන යානය තමන් භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් වැඩිදුර විමර්ශන සඳහා එය පොලිසියට භාර දී ඇත.

මෙම යානය බන්ධනාගාර රෝහලට ඉහළින් පැමිණ රිමාන්ඞ් බන්ධනාගාරය දෙසට ළඟා වී තිබෙන බව මෙතෙක් කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙය කිසියම් ප‍්‍රහාරයක මූලික සැලසුමක් හෝ කුඩු ජාවාරමට සම්බන්ධ ක‍්‍රියාවක් විය හැකි බව බන්ධනාගාර නිලධාරීහු සැක කරති.

මීට මාස කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයට ඉහළින් පැමිණි තරමක් විශාල ඩ්‍රෝන යානාවක් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය දෙසට ළඟා වී ආපසු පිටව ගොස් තිබිණි.

මේ තත්ත්වය බන්ධනාගාරගතව සිටින  රැඳවියන්ගේ ආරක්‍ෂාවට ද බරපතළ තර්ජනයක් බව බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙති.

සමන් ගමගේ
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles