Divaina - අයහපත් කාලගුණයෙන් 174931ක් පීඩාවට - නිවාස 21ක් සම්පූර්ණයෙන් විනාශයි: 1126කට අර්ධ හානි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

දිස්ත‍්‍රික් 21කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (08 දා) වන විට පවුල් පනස් එක්දහස් පන්සිය හැත්තෑතුනක පුද්ගලයන් එක්ලක්‍ෂ හැත්තෑ හතරදහස් නවසිය තිස්එක්දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 04 ක් (නුවරඑළිය වලපනේ 03 ක්, අම්පාර සමන්තුරේ 01ක්) අතුරුදන්වීම් 01 ක් (නුවරඑළිය වලපනේ) සහ තුවාල සිදුවීම් 06 ක් වාර්තා වී ඇත. ඊයේ (08 දා) පෙරවරුවේ වැලිකන්ද ප‍්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් එක් අයකු මියගොස් දෙදෙනකු අතුරුදන් වීමක් වාර්තා වුවත් එය ආපදා තත්ත්වයක් නිසා නොව බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී සිදු වූ අනතුරක් ලෙස ගණනය කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ‘දිවයින’ ට පැවසීය. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් කිසිම අවස්ථාවක බෝට්ටු මගින් හෝ සැඩ පහර පවතින ස්ථාන පරිහරණය නොකරන ලෙස දැනුවත් කර ඇතැයි ද ඔහු කීය.

දින කිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිවාස 26 ක් සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 1126 කට අර්ධ හානි සිදු වී ඇත. පීඩාවෙන් විපතට පත් පවුල් 4169 කට අයත් පුද්ගලයන් 13275 ක පිරිසක් රැුඳවුම් මධ්‍යස්ථාන 107 ක රඳවා තිබේ.

ආපදා තත්ත්වයෙන් බදුල්ල, මොනරාගල, මඩකලපුව, අම්පාර, ත‍්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව්, කිළිනොච්චිය, වව්නියාව, යාපනය, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට සහ මාතර දිස්ත‍්‍රික්කවල ජනතාව පීඩාවට ලක්ව සිටිති.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 16670 කට අයත් පුද්ගලයන් 57634 ක්, අම්පාර පවුල් 7147 කට අයත් පුද්ගලයන් 25027 ක්, මුලතිව් පවුල් 9297 කට අයත් පුද්ගලයන් 30,020 ක්, කිළිනොච්චිය පවුල් 8440කට අයත් පුද්ගලයෝ21,125 ක්, අනුරාධපුර පවුල් 2917 කට අයත් පුද්ගලයෝ 10,203 ක්, පොලොන්නරුව පවුල් 3081 කට අයත් පුද්ගලයෝ 10,775 ක් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටිති.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles