Divaina - කැලණියේ දායක සභාවේ සභාපති පුටුව වෛද්‍ය සමන් වීරසිංහට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 2දෙස් විදෙස් ආගමික හා සමාජයීය ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක නිරතව සිටින ජාත්‍යන්තර කටයුතු පිළිබ`ද විශේෂඥයකු මෙන්ම ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන වෛද්‍ය සමන් වීරසිංහ මහතා කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්විය. ඊයේ (08 දා) සවස පැවැති දායක සභා රැස්වීමේදී නව සභාපතිවරයා පත්කර ගනු ලැබීය.

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වසර 31 ක් මෙම ධුරයේ කටයුතු කළේය.

නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ හිටපු තානාපති ධුරය මෙන්ම හිටපු ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශකයකු ලෙස කටයුතු කර ඇත.

රට පුරා වෙහෙර විහාර කරවමින් බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවී කටයුතු කරන වෛද්‍ය සමන් වීරසිංහ මහතා, වෛද්‍ය සමන් වීරසිංහ පදනම නමින් ප‍්‍රජා සත්කාරක සංවිධානයක් ආරම්භ කොට පවත්වා ගෙන යයි.

වෛද්‍ය සමන් කුමාර රංජිත් වීරසිංහ 1961 ඔක්තෝබර් 17 දා ගාල්ලේදී උපත ලැබීය. ගාල්ල මහින්ද විද්‍යාලයේදී ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ හෙතෙම 1983 දී සෝවියට් රජයෙන් ලැබූ ශිෂ්‍යත්වයක් මත මොස්කව් රාජ්‍ය වෛද්‍ය විද්‍යායතනයට ඇතුළත්ව වෛද්‍ය විද්‍යාව හදාරා පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව ගෞරව වෛද්‍ය උපාධියක් හිමිකර ගත්තේය.

මැක්සිම් හෝල්ඩින් ව්‍යාපාර සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය සමන් වීරසිංහ මහතා ”මොස්ලංකා හෝල්ඩිංග්ස්” සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මෙන්ම ශ‍්‍රී ලංකා - රුසියානු මිත‍්‍ර සංගමයේ අනුශාසකයකු ලෙස කලක් තිස්සේ විවිධ තනතුරු හොබවා ඇත.

වර්ෂ 30 ක පමණ කාලයක් ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය, ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක, අධ්‍යාපනික, සමාජ, ක‍්‍රීඩා හා පුණ්‍ය කටයුතු මෙන්ම, මානව සුභ සාධනය ද අරභයා ඉටුකරන ලද කි‍්‍රයාශීලී දායකත්වය අගය කරමින් රුසියානු සමූහාණ්ඩුව විසින්, රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතාගේ නිර්දේශය මත, විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම සම්මානය වන ‘‘රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අණාඥාවක් ” ඔහුට පිරිනමනු ලැබ තිබේ.

යූ. කේ. අබේරත්න - කොටිකාවත්ත
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles