Divaina - ‘පෝට් සිටි’ හෙක්ටයාර් 269ත් ශී‍්‍ර ලංකා භූමියට එක්වෙයි - හෙක්ටයාර 116 ක් ප‍්‍රතිබදු දීමට චීන සමාගමට අවස්ථාව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- හෙක්ටයාර 62ක් ශ‍්‍රී ලංකා  රජයටත් බදු දෙන්න පුළුවන්

- ශ‍්‍රී ලංකා භූමියට අලූතින් හෙක්ටයාර 269 ක් හෙවත් වර්ග කිලෝමීටර 2.6 ක් එක්කිරීම කොළඹ වරාය නගර භූමියේදී පෙරේදා (7 වැනිදා) නිල වශයෙන් සිදුකෙරිණි.

ඒ අනුව ඊයේ (8 වැනිදා) සිට කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ව්‍යාපාර කටයුතු සඳහා බදු පදනම යටතේ ලබාදීමට ශ‍්‍රී ලංකා රජයටත්, චීන සමාගමටත් අවස්ථාව හිමිවිණි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ 2014 සැප්තැම්බර් මස 17 වැනිදා කොළඹ වරාය නගරය සඳහා මුල්ගල තැබුණේ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

චීනයේ ක්‍්‍යෑක්‍ පෝර්ට් සිටි කලම්බෝ සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ අතර ඒ අනුව කොළඹ වරාය සහ ගාලූ මුවදොර ක‍්‍රීඩාංගණය අතර මුහුද හෙක්ටයාර 233 ක් ගොඩකිරීමට සැලසුම් කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුලිමුනින්ම චීන සමාගම මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් ඔවුන්ට හෙක්ටයාර 20 ක් සින්නක්කරව ලබාදීමට එවකට රජය එකඟත්වය පළකර තිබුණි.

කෙසේ වෙතත් 2015 වසරේ බලයට පත් ‘යහපාලන රජය’ මෙහි වැඩ කටයුතු තාවකාලිකව නතර කර පරිසර දත්ත වාර්තා යළි සකස් කර මුල් ගිවිසුම ද සංශෝධනය කළේය.

ඒ යටතේ ගොඩකිරීමට අපේක්ෂිත භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 269 දක්වා වැඩිකළ අතර චීන සමාගමට ලබාදී තිබූ හෙක්ටයාර 20 වෙනුවට හෙක්ටයාර 116 දක්වා භූමි ප‍්‍රමාණයක් 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදීමට යහපාලන රජය ගිවිසුම් ගතවුණි.

ඉදිකිරිම් කටයුතු අවසන් කර ඇති මෙම කොළඹ වරාය නගරයේ දිය කඩනයේ දිග කිලෝමීටර් 3.2 ක් වන අතර ඒ සඳහා කළුගල් සහ කොන්ක‍්‍රීට් කුට්ටි භාවිත කර තිබේ.

භූමිය ගොඩකිරීම සඳහා මුහුදු වැලි කියුබික් මීටර මිලියන 65 ක් යොදා ගෙන තිබෙන අතර එහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු කළ හැකි භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් 178 කි.

ඉදිකිරීම් කටයුතු සිදුකළ හැකි මෙම හෙක්ටයාර 178 ක භූමි ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 116 ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ‍්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදුදීමේ අවස්ථාව හිමිවෙයි.

ශ‍්‍රී ලංකා භූමියට අලූතින් හෙක්ටයාර 269 ක් හෙවත් වර්ග කිලෝමීටර 2.6 ක් 7 වැනිදා සිට එක්වූ අතර එය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා පස්වරුවේ කොළඹ වරාය නගර භූමියේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා භූමියට මෙලෙස අලූතින් බිම් කොටසක් එක්වීම වෙනුවෙන් 7 වැනිදා සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

මෙම උත්සවයට සමගාමීව විශේෂ මල්වෙඩි සංදර්ශනයක් ද කොළඹ වරාය නගර භූමියේදී දක්නට ලැබුණි.

කොළඹ වරාය නගරයේ දෙවන අදියර 8 වැනිදා සිට ආරම්භ වූ අතර ඒ යටතේ මහා මාර්ග, විදුලිය, ජලය සහ මළාප‍්‍රවහන පද්ධති සකස් කිරීම ද මෙම ඉදිකිරීම් සමාගම විසින් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පැවරෙන භූමියේ ඉඩම් ශ‍්‍රී ලංකා රජය විසින් ඊයේ (8 වැනිදා) සිට ව්‍යාපාර කටයුතු සඳහා වෙන්දේසි කිරීමට අයිතිය හිමිවිණි. චීන සමාගමට හිමිවන හෙක්ටයාර 116 ක භූමිය ඔවුන්ට ද ප‍්‍රතිබදු දීමට අවස්ථාව හිමිවෙයි.

චතුර පමුණුව
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles