Divaina - දේශපාලකයිනි, ටියුෂන් ගුරුවරුනි සිතුවම් ඇඳි තාප්ප අවලස්‌සන කරන්න එපා.. 'හරිත නගර' ඇති කිරීම අපේ 'දෙවැනි රැල්ල'.. තරුණ තරුණියෝ ඉල්ලති

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 සුජීව තත්සර
 
 නගර අලංකරණය කිරීම සඳහා තාප්ප මත ඇඳ ඇති සිතුවම් ආවරණය වන පරිද්දෙන් දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සහ ඒ මත දැන්වීම් ඇලවීමෙන් තම අරමුණ කිලිටි නොකරන ලෙස සියලු දේශපාලකයින්ගෙන් සහ අමතර පන්ති ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටින බව එම තරුණ තරුණියෝ පවසති.
 
 සමාජ මාධ්‍ය ඔස්‌සේ දැන හැඳිනගත් තරුණ තරුණියන් විසින් මීට දින කීපයකට උඩදී ආරම්භ කළ මෙම සිතුවම් ඇඳීමේ ව්‍යාපාරය මේ වන විට රැල්ලක ආකාරයෙන් රට පුරා ව්‍යාප්තව පවතී.
 
 විවිධ අරුත් ගැන්වුණු මෙම සිතුවම් ඇඳීමේ තරුණ පරපුරේ ව්‍යායාමයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂමහතා දිරි දෙමින් ඔවුන් වෙත සුබ පැතුම්ද එක්‌කර තිබිණි.
 
 තරුණ තරුණියන් විසින් සංවිධානගතව රටපුරා නගරයන්හි පිහිටි තාප්ප, පාලම් මත සිතුවම් ඇඳීම ආරම්භ කළ අතර මේ වන විට එයට තීන්ත සමාගම් ඇතුළු බොහෝ ව්‍යාපාර ජාලයන්ද සිය සහාය සහ අනුග්‍රාහකත්වය දක්‌වා තිබීම පිළිබඳව සිතුවම් ඇඳීමේ යෙදී සිටින තරුණ තරුණියෝ ඔවුනට සිය කෘතඥතාවය පිරිනමති.
 
 රටේ සියලු නගරයන්හි තාප්ප සහ පාලම් මත සිතුවම් ඇඳීමෙන් නොනැවතී සියලු නගරයන්හි ප්‍රධාන මාවත්වල ඉඩ ඇති ස්‌ථානයන්හි රුක්‌ රෝපණය ආරම්භ කර ''හරිත නගර'' ඇති කිරීම ''දෙවැනි රැල්ල'' ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සමාජ මාධ්‍ය මිතුරු තරුණ කැළ ඇතුළු තරුණ සංවිධාන පවසති.
 
 මේ අතර මෙම සිතුවම් ඇඳීමේ ව්‍යාපාරයට සහාය දක්‌වමින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයින් තරුණ තරුණියන් සමග එක්‌ව සිතුවම් ඇඳීමේ යෙදී සිටින අයුරු දැක්‌වෙන ඡායාරූප ප්‍රබල සමාජ මාධ්‍යයක්‌ වන zzමුහුණු පොතෙහිZZ පළවී තිබිණ.

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles