Divaina - එක්සත් රාජධානියේ කොන්සර්වැටිව් පක්‍ෂය දෙමළ ඊළම සඳහා ජනවරමක් පැතීම ගැන විදේශ ඇමැති වහා ප‍්‍රතිචාර දැක්විය යුතුයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නිදාගෙන සිටින මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ගැන වහාම තීරණයක් ගන්න


එරික් ගාමිණී ජිනපි‍්‍රය

udayasjඑක්සත් රාජධානියේ කොන්සර්වැටිව් පක්‍ෂය දෙමළ ඊළම සඳහා ජනවරමක් පැතීම පිළිබඳව විදේශ ඇමැතිවරයා ක්‍ෂණික ප‍්‍රතිචාර දැක්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ පිළිබඳ සඳහන් කර සිටියේ ඊයේ (3 දා* පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය. ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

එක්සත් රාජධානිය, කවුරුත් දන්නා විධියට කිව්වොත් එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය 2019 දෙසැම්බර් 13 දින පැවැත්වෙනවා. ඒ මැතිවරණය වෙනුවෙන් කොන්සර්වැටිව් පක්‍ෂය සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නොවැම්බර් 25 දින එළිදැක්වූවා. ඒ ප‍්‍රකාශනය තමයි මේ තිබෙන්නේ. එකේ 53 පිටුවේ ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහි කළ යුතු බව කියනවා.

ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළඟාකර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහය ලබාදීම අඛණ්ඩව සිදුකරන අතර සයිප‍්‍රසය, ශී‍්‍ර ලංකාව සහ මැදපෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගනු ලැබේ.

එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ දැනටත් පාලනය කරන මීළඟ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්න ඉඩ තිබෙන කොන්සර්වැටිව් පක්‍ෂය ජනවරමක් පතන්නේ මොකටද? ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහිකරන්න. වඩාත් පැහැදිලිව කිව්වොත් දෙමළ ඊළම හදන්නයි.

බෙදුම්වාදීන් ‘‘දෙමළ ඊළම’’ ලෙස පවසන ශී‍්‍ර ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ එකී නමින් හෝ වෙනත් නමකින් දෙමළ රාජ්‍යයක් පැවතිලා නෑ. දෙමළ ඊළම සඳහා කරනු ලබන අරගලයට කිසිම ඓතිහාසික පුරාවිiාත්මක හෝ නෛතික පසුබිමක් නැහැ. ඒ නිසා දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටීමට කොන්සර්වැටිව් පක්‍ෂයට කිසිම සාධාරණ හේතුවක් නෑ. නමුත් එක්සත් රාජධානිය බිහිකරලා තිබෙන්නේ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන ඉතිහාසගත රාජ්‍යයන් බලහත්කාරයෙන් එංගලන්තයට ඈඳාගෙන. කලින් කල මේ රාජ්‍යයන්ට නිදහස පතා විමුක්ති ව්‍යාපාර ආරම්භ වුණා. උතුරු අයර්ලන්තයේ නම් සන්නද්ධ අරගලත් තිබුණා මෑතක් වන තුරුම. එහෙම වුණත් එක්සත් රාජධානිය කැබැලි කිරීමට සහය දීම සඳහා ශී‍්‍ර ලංකාවේ කිසිම දේශපාලන පක්‍ෂයක් ජනවරමක් පතලා නෑ.

ඒ වගේම කොන්සර්වැටිව් පක්‍ෂයේ ප‍්‍රතිවාදියා වන ලේබර් නැතිනම් කම්කරු පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රකාශනයත් අපි බැලූවා. කම්කරු පක්‍ෂය නම් ලංකාව දෙපළු කිරීමේ පොරොන්දුවක් ලබාදී නෑ. කොන්සර්වැටිව් පක්‍ෂය කළ මේ වැඬේ පිළිබඳව අප නිහඬව හිටියොත් ඊළඟ මැතිවරණයේ දී එංගලන්තයේ සිටින දෙමළ අයගේ ඡුන්දය ගැනීමේ බලාපොරොත්තුවෙන් අනෙකුත් පක්‍ෂත් දෙමළ ඊළම හදලා දෙන්න පොරොන්දු වේවි. මේ මැතිවරණයෙන් කොන්සර්වැටිව් පක්‍ෂය ජයග‍්‍රහණය කළහොත් ඔවුන්ට ජනවරමක් තියෙනවා නීත්‍යානුකූලවම දෙමළ ඊළම වෙනුවෙන් ජාත්‍යන්තර කරලියේ පෙනී සිටින්නට. දෙමළ ඊළම වෙනුවෙන් සන්නද්ධ අරගලයක් පටන් ගන්නට දෙමළ ඊළම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡුන්දය දෙන්න දෙමළ ඊළම වෙනුවෙන් අරමුදල් වෙන් කරන්නට හැකියාව ලැබෙනවා. මේක ශී‍්‍ර ලංකාව මුහුණ දෙන අතිශයින්ම භයානක තත්ත්වයක්.

ලොව බලගතු රාජ්‍යයක් වන එක්සත් රාජධානිය ශී‍්‍ර ලංකාවේ භෞමික අඛණ්ඩතාවට අභියෝග කරන මැතිවරණ ප‍්‍රකාශනයක් ප‍්‍රසිද්ධ කරලා දින අටක් ගත වී ඇතත් මේ පිළිබඳ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය තවමත් ඉන්නේ නිදාගෙන. තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇත්තටම නිදි ද එහෙමත් නැතිනම් බෙදුම්වාදීන්ගේ වුවමනාවට හොර නින්දක ද කියන එක නම් මම දන්නේ නෑ. නැතිනම් මේවා හෙළිදරව් කරන්න ඕනෑ අපි නොවේ. රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරීන් මහජන මුදලින් දැවැන්ත වියදමක් දරලා ඒ අය නඩත්තු කරන්නේ මේ වැඩ කරන්න තමයි.

හරි නම් මේ ප‍්‍රකාශනය හෙළා දැකලා ඒ වගේම ඒ ප‍්‍රතිපත්තිය අභියෝගයට ලක්කරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණා. අවම වශයෙන් ඒ පිළිබඳ අපේ විදේශ ඇමැතිතුමාව දැනුවත් කරන්න තිබුණා. අඩුම තරමින් විදේශ ඇමැතිතුමාවත් දැනුවත් කළා කියලා මම නම් හිතන්නේ නැහැ. ලොව බලගතු රාජ්‍යයක් ශී‍්‍ර ලංකාවේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කරන මේ වගේ අවස්ථාවක ඒ පිළිබඳ ක්‍ෂණික ප‍්‍රතිචාර දක්වන මෙන් අපි විදේශ ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වගේ බැ?රුම් කාරණයක දී උදාසීනව කටයුතු කළ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා මෙන් අපි විදේශ ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. විදේශ ඇමැතිතුමා මේ පිළිබඳ ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වාවි කියා අප බලාපොරොත්තු වෙනවා. කොන්සර්වැටිව් පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රකාශනයේ පිටපතක්ද සමගින් මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යතුමා දැනුවත් කිරීමට අද දිනයේ කටයුතු කරනවා.

පච නාටක අධ්‍යක්‍ෂණය කරමින් සිටි ඇමැති රාජිත පරාජිත වී ගෙදර ගියාට පස්සේ ඒ රාජකාරිය දැන් භාර අරන් තිබෙන්නේ ස්විස් තානාපති. සුදු වෑන් නාටකයේ අලූත් ජවනිකාව කල එළි බහින්නේ ස්විස් තානාපතිගේ අධ්‍යක්‍ෂණයෙන්. තමන්ගේ කාර්යාලයේ වැඩ කරන නිලධාරිනියක් සුදු වෑන් එකකින් පැහැර ගෙන ගියාලූ. එයාට දැන් හොඳටම අසනීපයිලූ. වහාම මේ පිළිබඳ පරීක්‍ෂණ කරන්නලූ. පැහැර ගත්තා කියන අයගේ නමක් ගමක් කියන්නේ නෑ. ඒ අයගෙන් ප‍්‍රකාශයක් ගන්න දෙන්නේ නෑ. හැබැයි වහාම පරීක්‍ෂණයක් කර වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නලූ. මේක හරියට අතපය ගැට ගහලා වැවට දාලා දැන් ඉතින් පීනපන් කිව්වා වගේ වැඩක්.

ඊළඟ කාරණය තමයි මේ නිලධාරිනිය ලාංකික කතක්. තානාපති නිලධාරීන් සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර සම්මුතිය වන වියනා සම්මුතියේ 38(2* වගන්තිය අනුව ඇයට තානාපති මුක්තිය නෑ. ඇය පොලිසියට ප‍්‍රකාශයක් ලබාදිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්නේ ලංකා ආණ්ඩුව මිස ස්විස් තානාපති නොවේ. අප දැක්කා ඊයේ රාජිත මන්තී‍්‍රතුමන් මාධ්‍ය හමුවකට ඇවිත් කියනවා එම කාන්තාවගේ කටට පිස්තෝලයක් තියලා ප‍්‍රශ්න කළා කියලා. කාටවත් හමුවෙන්න බැරිවුණු කාන්තාවක් රාජිත මන්තී‍්‍රතුමාට නම් හමුවෙලා තියෙනවා. වෙඩි වැදී පණ අදින අයගෙන් පවා පොලිසිය ප‍්‍රකාශ ලබා ගන්නා අවස්ථා තිබෙනවා. ඇයට ප‍්‍රකාශයක් ලබා දීමට හැකි ද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණ වෛi නිලධාරියා මිස දත් දොස්තර රාජිත නොවේ.

ලංකාවේ කාන්තාවක් තම තානාපති කාර්යාලය තුළ රඳවා ගෙන ඉන්න ස්විස් තානාපතිට අයිතියක් නෑ. ඇයව බලහත්කාරයෙන් රඳවා ගෙන ඉන්නවා ද නැතිනම් ස්වෙච්ඡුාවෙන් ඉන්නවා ද කියන එක අපි දන්නේ නෑ. ඇත්තටම සුදු වෑන් සංස්කෘතියක් කි‍්‍රයාත්මක කරන්නේ ස්විස් තානාපති මිස ආණ්ඩුව නොවේ. මේක ජාත්‍යන්තර කරලියට අරන් ගිහිල්ලා වියානා සම්මුතිය උල්ලංඝනය කිරීම පිළිබඳ තානාපතිවරයාට එරෙහිව කටයුතු කරන්නට කලින් අපේ රටේ කාන්තාව අපට ලබාදෙන්න කියලා අපි ස්විස් තානාපතිතුමාට කියනවා.

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles