Divaina - අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වියදම් දැඩි අයවැය විනයකට අනුගත වන්නැයි උපදෙස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 වියදම් දැරීමේදී දැඩි අයවැය විනයකට අනුගත වීම අත්‍යාවශ්‍ය බව දන්වමින් මුදල්, ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් සියලූ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන වෙත දැනටමත් උපදෙස් නිකුත් කර ඇත.
 
 දූරදර්ශී රාජ්‍ය මූල්‍ය පාලන තන්ත‍්‍රයක් සඳහා රජය දක්වන කැපවීම ආරම්භයේදීම පිළිබිඹු වන්නේ අමාත්‍ය මණ්ඩලය තාර්කික කිරීමට ගත් තීරණය සහ ප‍්‍රමුඛතා නොවන රාජ්‍ය වියදම් සඳහා වන සීමාවන් පැනවීමය. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි, කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම, වාහන මිලදී ගැනීම සහ ගොඩනැඟිලි හා කාර්යාල පහසුකම් සීමා කිරීම ඇතුළුව එහි වියදම් පාලනය කිරීම සඳහා පියවර ගත යුතුයැයි ද සියලූ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන වෙත දැනටමත් උපදෙස් නිකුත් කර ඇති බවද එම අමාත්‍යාංශය කියයි.
 
 වක‍්‍ර බදු අඩු කිරීම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතනවල සැලකිය යුතු ඉතිරියක් වනු ඇති බව ද සැලකේ. එමඟින් රාජ්‍ය වියදම් අඩු කරනු ලැබේ.
 
 සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක‍්‍රමයක් යළි නිර්මාණය කිරීමේ අරමුණෙන් බදු ප‍්‍රතිපත්ති රාමුවක් 2019 නොවැම්බර් මස 27 වැනි දින රජය විසින් හඳුන්වා දෙන ලද අතර මෙමගින් ස්වයං අනුකූලතාවය හා පහසු බදු පරිපාලනයක් ප‍්‍රවර්ධනය කරනු ලැබේ.
 
 මෙම නව බදු ප‍්‍රතිපත්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ඉටු කිරීමකි. අතිශය සංකීර්ණ වූ බදු ක‍්‍රමය ආමන්ත‍්‍රණය කිරීමට මෙම නව බදු ප‍්‍රතිසංස්කරණය හරහා රටේ බදු ක‍්‍රමයට පරිවර්තනයන් හඳුන්වා දී ඇත. වත්මන් සංකීර්ණ බදු ක‍්‍රමය දුෂණ, අක‍්‍රමිකතා හා ඇතැම් මූලික බදුකරණ මූලධර්ම, සම්මතයන් සහ බදු ගෙවන ජනතාවට දැරිය නොහැකි විකෘති කිරීම්වලට තුඩුදී ඇත.
 
 ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය, වර්ධනය වෙමින් පවත්නා උද්ධමන නැඹුරුව සමග දළ දේශීය නිෂ්පාදිතයේ 2% ක තරම් අඩු වර්ධන මට්ටමක් වාර්තා කර ඇති අවධියක මෙම බදු ප‍්‍රතිසංස්කරණයේ ආරම්භය සිදු කරනු ලැබ තිබේ.



 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles