Divaina - ෂාෆි පිළිබඳ විමර්ශන යට ගැසූ ශානි ඇතුළු සීඅයිඞී නිලධාරීන්ට නීතිය කි‍්‍රයාත්මක කරන්න

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

හේමන්ත රන්දුණු
 
lllaws සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් කළ බව කියන වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් සම්බන්ධයෙන් විමර්ශන යටගසා සැකකාර වෛiවරයා නිවැරදිකරුවකු කිරීමට කටයුතු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙස නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඊයේ (03 වැනිදා* ඉල්ලා සිටියේය.
 
 නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ වෛi ෂාෆි සිදු කළ සීසේරියන් සැත්කම්වලින් පසු දරුවන් අහිමිවූ මවුවරුන් පිරිසක් ජාතික පොලිස් කොමිසම වෙත ඊයේ පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා මෙසේද කියා සිටියේය.
 
 වෛi ෂාෆිට එරෙහිව සී. අයි. ඞීය කරපු විමර්ශන මුල සිටම පක්‍ෂග‍්‍රාහීව සිදු කළා. අගතියට පත් වුණු මවුවරුන් දහස් ගණනක් වෛi ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි කර තිබුණා.
 
 ඒත් සී. අයි. ඞී නිලධාරීන් මේ අම්මලාට සාධාරණයක් ඉටු කළේ නැහැ. ඒ. එස්. පී. තිසේරා පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් මුලසිටම විමර්ශන කළේ වෛi ෂාෆි නිර්දෝෂී පුද්ගලයකු යන මතයේ සිටයි.
 
 ඒ නිසා සී අයි ඞී යෙන් වෛi ෂාෆි සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ මේ විමර්ශන කටයුතු සී අයි ඞීයෙන් ඉවත් කර වෙනත් විමර්ශන කණ්ඩායමක් වෙත පවරන ලෙසයි.
 
 ජාතික පොලිස් කොමිසම වෙත මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා යුක්තිය උදෙසා මවුවරුන්ගේ් සංවිධානයේ සභාපති නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න එහි ජාතික සංවිධායක නීතිඥ චානක අබේවික‍්‍රම මහත්වරුන් සහ අගතියට පත්වූ මවුවරුන් දස දෙනෙක් ද පැමිණ සිටියහ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles