Divaina - මාස 11 ට ඩෙංගු රෝගීන් 75,000ක් මරණ 93 ක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

මෙම වසරේ (2019) ගතවූ මාස 11 තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 75,000 ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi අරුණ ජයසේකර මහතා ‘දිවයින’ට (01 වැනිදා* පැවසීය.

එසේම මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 93 ක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කීය. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එය සියයට 40 ක් බවත් ඒ මහතා කීය.

මීට අමතරව ඩෙංගු රෝගීන් වැඩිම පිිරිසක් වාර්තා වනුයේ උතුරු- නැගෙනහිර පළාත්වලින් බවද හෙතෙම කීය.

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ප‍්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් තම නිවාස, පරිශ‍්‍ර නිරතුරුවම පවිත‍්‍රව තබාගන්නා ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles