Divaina - දිස්ති‍්‍රක්ක 11 ක කාලගුණය අයහපත් 5904ක් පීඩාවට හෙට-අනිද්දා වැසි අඩුවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

දිස්ති‍්‍රක්ක 11 කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (2 දා) වන විට පවුල් 1609 කට අයත් පුද්ගලයන් 5904 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ වන විට මරණ 05 ක්, අතුරුදන්වීම් 01 ක් සහ තුවාල ලැබූවන් 05 ක් වාර්තාවී ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 3 ක් සම්පූර්ණයෙන් විනාශවී තවත් නිවාස 169 කට අර්ධ හානි සිදුවී ඇත. විපතට පත්වූ පිරිස අතරින් පවුල් 242 කට අයත් පුද්ගලයන් 915 ක් ආරක්‍ෂිත ස්ථාන 14 ක රැුඳවීමටද පියවර ගෙන ඇත.

ජනතාව පීඩාවට පත්ව ඇත්තේ බදුල්ල, මොනරාගල, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ති‍්‍රක්කවලිනි.

පෙරේදා (01 දා) දිවයිනේ කිසිදු ප‍්‍රදේශයකින් මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ජලාශවල ජල මට්ටමද ඊයේ සවස්වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විiා අංශයේ නිලධාරියෙක් පැවසීය.

පෙරේදා දිනය තුළ මහනුවර කුණ්ඩසාල ප‍්‍රදේශයෙන් මිලි මීටර් 90 ක්, ඉඟිනියාගල මිලි මීටර් 85.2 ක්, ගාල්ල මාපලගම මිලි මීටර් 78.6 ක්, කිිරිඳිවැල ප‍්‍රදේශයෙන් මිලි මීටර් 66.8 ක් සහ මාතලේට මිලි මීටර් 66.6 ක් වැඩි වශයෙන් වර්ෂාව ලැබී ඇත.

පවතින වැසි තත්ත්වයේ අඩුවක් හෙට සහ අනිද්දා (04 සහ 05) වන විට පැවතියත් ඉන්පසු දින තුනක් පමණ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිiා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලි මීටර් 100-150 ක පමණ තද වර්ෂාපතනයක්ද සෙසු ප‍්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවීමේ හැකියාවද පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

චමින්ද සිල්වා, සිරිමන්ත රත්නසේකර

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles