Divaina - සුදු වෑන් රියැදුරකු ලෙස රඟපෑ සැකකරු තාමත් නිදැල්ලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

මැතිවරණ සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මඩ ප‍්‍රචාරයක් කරමින් සුදු වෑන් රියැදුරකු ලෙස පෙනී සිටි පුද්ගලයා පිළිබඳ පොලිසිය මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවකට වෙස්වලාගෙන පැමිණි මෙම පුද්ගලයා තමන් සුදු වෑන් රියැදුරකු බවත් පසුගිය කාලයේ සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් කිඹුලන්ට කන්න දැමූ බවත් පවසා ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් මාධ්‍යට කළේය.

එම මාධ්‍ය හමුවෙන් අනතුරුව බොරු රැුවුලක් දමාගෙන ඇමැති රාජිත සමග මාධ්‍ය හමුවට පැමිණි මොහු දරුණු කොල්ලකරුවකු බවට පොලිසිය හඳුනාගෙන තිබිණි.

මෙම පුද්ගලයා මාධ්‍ය හමුවේදී කළ ප‍්‍රකාශය ඉතා බරපතළ එකක් වන නිසා වහාම විමර්ශනයක් පැවැත්විය යුතු වුවත් මේ දක්වා එවැන්නක් සිදු නොවුන බව පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

සමන් ගමගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles