Divaina - 19 අඩුපාඩු තිබේ නම් නිවැරැදි කිරීමට එජාපය සහාය දීමට සූදානම් - ලක්‍ෂ්මන් කිරිඇල්ල

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 5යහපාලන ආණ්ඩුව සම්මත කළ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරැුදි කිරීමට සහාය දීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

එහෙත් එය එකහෙළාම අහෝසි කිරීමට සහයෝගය ලබාදීමට සූදානම් නැතැයිද සිරිකොතදී ඊයේ (02 දා) පැවැති එජාප මාධ්‍ය හමුවේදී හෙතෙම කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

ආණ්ඩුව කියනවා නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රට පාලනය කිරීම සඳහා අවහිරයක් කියලා අපි සූදානම් ඒ මොනවාද කියලා රජයත් එක්ක සාකච්ඡුා කරන්න. එහි වෙනස් කරන්න ඕනා මොනවද කියලා සාකච්ඡුා කරමු.

ඒත් අපිට එකහෙළාම කියන්න බෑ මේ සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න අපේ සහයෝගය දෙනවා කියලා. රජය යම්කිසි අඩුපාඩුවක් පෙන්නුවොත් ඒ ගැන අවධානය යොමු කරලා අපේ පක්‍ෂයේ අනුමැතියට යටත්ව අපි ක‍්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා.

අකිත පෙරේරා

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles