Divaina - බුද්ධි නිලධාරීන්ට එරෙහිව විමර්ශන කළ සීඅයිඞීයේ තිසේරා පොලිස් මූලස්ථානයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

පසුගිය කාලයේ යුද සහ නාවික බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් කටයුතු කළ සීඅයිඞී විමර්ශන කණ්ඩායමේ සිටි ප‍්‍රබල සාමාජිකයකු වූ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා විසින් එම ස්ථාන මාරුවට අදාළ නිවේදනය පෙරේදා (30 වැනිදා) නිකුත් කර තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, අධ්‍යක්‍ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරීවරුන් වන රංජිත් වෙදසිංහ, ලොකුහෙට්ටි, පසුගියදා ස්විට්සර්ලන්තයට පැන ගිය පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා, සැරයන් මෙන්ඩිස්, සැරයන් තුෂාර සහ කොස්තාපල් අනිල් බුද්ධි නිලධාරීන්ට එරෙහිව විමර්ශන මෙහෙයවූ සෙසු පිරිස වූහ.

සමන් ගමගේ
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles