Divaina - රාජ්‍ය ආයතනවල ඉහළ නිලයන්ට අයදුම්පත් කැඳවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහා පත්වීම් ලැබීමට අපේක්‍ෂා කරන අයගේ අයදුම්පත් ජනාධිපති අතිරේක ලේකම්, ලේකම් කාර්යාලය, ජනාධිපති කාර්යාලය කොළඹ 01 ලිපිනයට හෝ ිඉ?චරුිසාැබඑිදෙසෙජැගකන විiුත් තැපෑල ඔස්සේ යොමුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලා සිටී.

නියෝජිත සහ ප‍්‍රවර්ධන නියෝජිත ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ආයතන, රජයට අයත් වාණිජමය ආයතන කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස කි‍්‍රයාකාරී බවට පත් කිරීමේදී වාණිජමය ආයතන වාණිජමය වශයෙන් සාධ්‍ය සහ ඵලදායී ආයතනයක් බවට පත් කරලීමේ අරමුණින් ඒවායෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්වීමට සුදුසුකම්ලත් වෘත්තීයවේදීන් මේ සඳහා අයදුම් කළ හැක.

යොමුකරන අයදුම්පත් වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් සලකා බලන අතර තේරීම් කරනු ලබනුයේ අපේක්‍ෂිත පත්වීම් ලාභියාගේ විෂය දැනුම, ප‍්‍රවීණතාව සහ පළපුරුද්ද පාදක කර ගනිමිනි.

විදේශ ශී‍්‍ර ලාංකික වෘත්තීයවේදීන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම්කරුවන් සිය ජීව දත්ත තොරතුරු ඇතුළත් යෝග්‍යතා විස්තරයක් ඉදිරිපත් කරමින් ජාතික සංවර්ධන කර්තව්‍යට සහභාගී වන ලෙස සියලූම වෘත්තීයවේදීන්ට ජනාධිපති කාර්යාලය ඇරයුම් කර සිටී.

චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles