Divaina - විපක්‍ෂ නායක ධුරයට රනිල් - සජිත් පාර්ශ්ව අතර ගැටුමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sajiranaවිපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇත.


රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එජාප මන්ත්‍රීවරුන් 40 දෙනකු සිය අත්සන් සහිතවද වෙන වෙනම ලිපි දෙකක් කථානායක කරු ජයසූරිය මහතා වෙත ඊයේ (21 වැනිදා) යොමුකර තිබේ.

මෙම ලිපි දෙකම කථානායකවරයා වෙත ඊයේ ලැබී තිබූ බව කථානායකවරයාගේ කාර්යාල ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

විපක්‍ෂ නායක ධුරය එකම පක්‍ෂයක දෙදෙනකුට පාර්ශ්ව දෙකක් විසින් ඉල්ලා සිටීම ගැටලු සහගත වන අතර මේ සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේදී සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේර

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles