Divaina - ඩී. ඒ. රාජපක්‍ෂ කෞතුකාගාර නඩුවෙන් ගෝඨාභය නිදහස්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

godb3මැදමුලන ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන් කෝටි තිස්නම ලක්‍ෂයක මුදලක් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සියලු අධි චෝදනාවලින් හිටපු ආරක්‍ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (21 දා) නියෝග කළේය.
 
 නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනුකර තිබූ මෝසමක් අනුව එම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (21 දා) උදෑසන කැඳවිණි.
 
 එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රථමයෙන් අධිකරණය අමතමින් එම නඩුව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ව්‍යවස්ථාපිත තත්ත්වය පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීම තම වගකීමක් බව පැවසීය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) ව්‍යවස්ථාව අනුව කරන ලද හෝ නොකර පැහැරහරින ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීමේ හෝ පවත්වාගෙන යෑමේ නෛතික හැකියාවක් නොමැති බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තත්ත්වය නිසා එම නඩුවේ පළමුවන විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයන බැවින් විත්තිකරු එකී අධි චෝදනාවලින් නිදහස් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
 
 එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පනවා තිබූ විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගය ඉවත් කර ඒ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට වහාම දැනුම් දීමට නියෝග කළේය. එමෙන්ම මේ වන විට අධිකරණය භාරයේ ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු විසින් බලය පවරනු ලබන අයෙකු වෙත නිකුත් කරන ලෙසට ද එහිදී නියෝග කළ විනිසුරු මඬුල්ල විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන් ඇපකාරිත්වයෙන් මුදාහැරීමටත් ඔවුන් අධිකරණය හමුවේ තැන්පත් කොට තිබූ ඇප මුදල් මුදාහැරීමටත් නියෝග කළේය.
 
 රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවූහ.
 
 ඒ. ජේ. ඒ. අබේනායක

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles