ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21 වැනිදා) පෙරවරුවේ සිය ආධාරකරුවන් හමුවිය.
මෙම විශේෂ හමුව සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බවට කලින් දැනුම් දී තිබුණද පසුව එය වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්විණි.
එජාප මැති ඇමැතිවරුන්, ක්‍රියාකාරීහු, පාක්ෂිකයෝ ඊයේ පෙරවරුවේම සිට වොක්ෂෝල් වීදිය වෙත පැමිණ ප්‍රේමදාස මහතා සමග කතාබහ කරමින් ආචාර කරන්නට වූහ.
එහි පැමිණි බොහෝ දෙනා ඉතා දුක්මුසුව අදහස් පළකළ අතර ඇතැමෙක් හඬමින් එම ස්ථානයෙන් පිටව ගියහ.
සිය නායකයා දැකගැනීමට සහ සුබපැතීමට පාක්ෂිකයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද පැමිණ සිටියහ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ (21 දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය අවලංගු කළ බවත් පසුව එය පවත්වන බවත්ය.
අකිත පෙරේරා, ඡායාරූපය - නිමල් දයාරත්න