Divaina - නව අගමැති ලේකම් ගාමිණි සෙනරත්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gaminisනව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ගාමිණි එස්. සෙනරත් මහතා පත්කර ඇත.

ඒ මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ජනාධිපති අතිරේක ලේකම් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙසද,

2005 වසරේ සිට 2015 දක්වා කටයුතු කර ඇත.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා 2004 වසරේදී අගමැති ලෙස කටයුතු කළ කාලයේද අගමැති අතිරේක ලේකම් ලෙසද කටයුතු කළේ ගාමිණි සෙනරත් මහතායි.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති ගාමිණි සෙනරත් මහතා 1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය.

ප්‍රථමයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ ඒ මහතා ආගමන විගමන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් යන ධුරද හොබවා ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම සහ මහජන බැංකුවේ සභාපති ධුරයන්ද දැරීය.

එමෙන්ම හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

අනුර බාලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles