Divaina - සාමය කඩවන ලෙස කටයුතු කරන පුද්ගලයන්ට නීති පියවර ගන්න ආරක්‍ෂක ලේකම් උපදෙස් දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

kamalaඇති වූ දේශපාලන පරිවර්තනයත් සමඟ රට තුළ සාමය කඩවන අයුරින් කටයුතු කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අදාළ අංශවලට උපදෙස් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ජාති, ආගම්, පක්‍ෂ බේදයෙන් තොරව සියලුම දෙනාට සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා සියලු ආරක්‍ෂක විධිවිධාන යොදා ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කරයි.

එසේම ඉදිරි දින කිහිපය තුළ රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වෙනදාට වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසට ද ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

යම් හෙයකින් මහජන සාමය කඩවීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව අදාළ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් වගකීම භාරගත යුතු බවත් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් පවසයි.

ලසිත දුමින්ද
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles