Divaina - රු. 5 කින් මිල නැංවීමේ තීරණය ඉවතට පාන් පරණ මිලටම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

 

 

චමින්ද සිල්වා, ලසිත දුමින්ද

paaaanaපාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට ගත් තීරණය ඊයේ (21 දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක ජනාධිපතිවරණයට පෙර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් අටකින් වැඩිකරනු ලැබූවත් පැවැති රජය ඒ කෙරෙහි අවධානයක් යොමු නොකිරීම නිසා ඊයේ (21 දා) පෙරවරුවේ සිට පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල රුපියල් පහකින් ඉහළ දැමීමට තීරණය කළ බවද ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ පිටි සමාගම් දෙක තිරිඟු පිටි සඳහා වැඩි කළ මිල පහත දමන බවට ලිඛිතව දැනුම් දීමට ඊයේ පියවර ගත් බවත් ඒ අනුව පාන් ගෙඩියක් පැවැති මිලටම ලබාදීමට සංගමය තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

වෙළෙඳපොළ තුළ පාන් ගෙඩියක් රුපියල් 60 - 65 ත් අතර මිලක පවතී.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles