Divaina - අභිමානවත් ලෙස ජීවත් විය හැකි සුරක්ෂිත රටක් හදනවා - ගෝඨාභය රාජපක්ෂ
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 3ඉදිරි රජයක් යටතේ පිරිසිදු ගුණාත්මක ප්‍රතිඵල ගෙනෙන රාජ්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කරන බවත් ඒ තුළින් රටේ සමස්ත පුරවැසියාට අභිමානවත් ලෙස ජීවත්විය හැකි සුරක්ෂිත රටක් ගොඩනඟන  බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමන් අභියෝග භාරගෙන ඒවා ජයගත් කණ්ඩායමක් බවත්, එම නිසා ඔබ ඔබේ වගකීම ඉටුකරන ලෙසත් රට ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

රටේ ජනතාවගේ දූ දරුවන්ගේ ආරක්ෂාව සහ අනාගතය තමන් භාර ගන්නා බවත්, රට ගොඩනැඟීමේ කාර්යය ලබන 17 වැනිදායින් පසුව අරඹන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.

රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලු කරුණක්ම සිය ධුර කාලය තුළ ඉටුකරන බවත්, අප ඉදිරිපත් කළේ පැහැදිලි ප්‍රායෝගික සැලැස්මක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘සාර්ථක දැක්මක් වැඩ කරන රටක්’ යන තේමාව ඔස්සේ ගාල්ල, මාතර සහ කැස්බෑව යන ප්‍රදේශවලදී ඊයේ (13 වැනිදා) පැවැති ජනහමුවලට එක්වෙමින් ගෝඨාභය මහතා එසේ කීවේය.

අනුර බාලසූරිය, ලසිත දුමින්ද

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles