Divaina - වී වලට මෙන්ම බීලූනු ඇතුළු අත්‍යවශ්‍ය භෝගවලට සහතික මිලක් ලබා දෙනවා - ගෝඨාභය රාජපක්‍ෂ දඹුලලේදී කියයි
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

වී වලට වගේම ලූනු ඇතුළු අත්‍යවශ්‍ය බෝග සඳහා සහතික මිලක් ලබාදෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

කෘෂි ආර්ථිකයට පමණක් සීමා නොකර ගොවි නිෂ්පාදනවලට අගයක් එකතු කර ගොවියා ව්‍යවසායකයන් බවට පත්කිරීමට ද තමන් පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

විදේශයෙන් ලූනු වැනි භෝග වර්ග ආනයනය කිරීමට ඉඩදීමේ හේතුවෙන් දේශීය ගොවියා අතරමං වී සිටින බවත් ඔවුන් මෙම තත්ත්වයෙන් මුදාගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා උක් වගාව දිරිමත් කිරීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙන බවත් සඳහන් කළේය.

ජලය විදුලිය හා ගෑස් යන සෑම ක්ෂේත‍්‍රයකම සහන ලබාදෙන බව පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජීවන බරින් පෙළෙන ජනතාව වෙනුවෙන් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් දෙන සහනවලට අමතරව සහන මල්ලක් ලබාදෙන බවද එම වැඩපිළිවෙළ ඉදිරියේදී ජනතාවට දැනුම් දෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ දඹුල්ල හා වැල්ලවාය ප‍්‍රදේශවල පැවැති ජනහමුවලට එක්වෙමිනි.

අනුර බාලසූරිය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles