Divaina - අගමැති පාර්ලිමේන්තු නාවේ ගෙදර යන්න ලෑස්ති වෙන නිසාද? දිනේෂ් මැතිසබයේදී අසයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p4 1අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට නොපැමිණියේ ගෙදර යන්න ලැහැස්ති වෙන නිසාදැයි එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 වැනිදා) ප‍්‍රශ්න කර සිටියේය.

පාර්ලිමේන්තුව රැුස්කරන ලෙස දැනුම්දී ඔහු නොපැමිණ සිටීම ප‍්‍රශ්නයක් බවද ගුණවර්ධන මහතා කීය.

විශේෂ පාර්ලිමේන්තු රැුස්වීම් දිනයක් ලෙසට ක‍්‍රීඩා පනත සම්මත කිරීමට අදාළව පාර්ලිමේන්තුව අද කැඳවීමට

පසුගිය සිකුරාදා අගමැතිවරයා දැනුම් දුන් බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

දිනේෂ් ගුණවර්ධන මහතා - පාර්ලිමේන්තුව කැඳවූවේ අගමැතිවරයා. ඒත් අද ඔහු පැමිණ නැහැ. එතුමා ගෙදර යන්න ලෑස්ති වෙන නිසාද ඇවිත් නැත්තේ?

සභානායක - ඒ නිසා තමයි මම ඇවිත් ඉන්නෙ.

ගුණවර්ධන මහතා - ඔබතුමා අගමැති නොවේනේ. ඔබතුමාට අගමැති වෙන්නත් බැහැ. ඒක හීනයක්.

සභානායක - සභානායකවරයා විදිහට අගමැතිවරයා වෙනුවෙන් සභාව නියෝජනය කිරීමට මා පැමිණ තිබෙනවා. මේ පනත ජනාධිපතිට සම්බන්ධ පනතක්. ක‍්‍රීඩා වලට සම්බන්ධ ¥ෂණ අක‍්‍රමිකතා වැළැක්වීමට මේ පනත උපයෝගී වෙනවා. රට ගැන හිතලා මේ පනතට සහාය දෙන්න.

බන්දුල ගුණවර්ධන මහතා - ක‍්‍රීඩා පනතයි නවෝත්පාදන පනතයි දෙකම අද විවාදයට ගන්නවාද?

සභානායක - එකට විවාද කරලා වෙන වෙනම ඡුන්දෙ ගන්නවා.

ගයන්ත කරුණාතිලක මහතා - ඇයි අපි එකට ආණ්ඩු කරලා වෙන වෙනම ඡුන්දයකට ගියේ...?

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles