Divaina - ජනපති - අගමැති යටතේ සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් ස්ථිර කළොත් නඩු යනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

- අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම්

- කිසිදු සුදුසුකමක් නොලබා ජනාධිපති ඇතුළු ඇමැතිවරුන් යටතේ සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් 700 ක් විශ‍්‍රාම වැටුප් සහිතව ස්ථිර කිරීමට කටයුතු කළහොත් එයට එරෙහිව අධිකරණ කි‍්‍රයා මාර්ගයකට යොමුවන බව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (11 දා* පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ පැෆරල් සංවිධානයට පැමිණිලි කළ බවත් තවත් පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීය.

අමාත්‍යාංශ ලේකම්වරුන් යටතට ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරුන්, සම්බන්ධීකරණ ලේකම්වරුන් සහ මාධ්‍ය ලේකම්වරුන් ගැනෙන අතර මොවුන් කිසිදු සුදුසුකමක් නොසලකා හිතවත්කම් මත බඳවා ගත් පිරිස් බවද ඒ මහතා කීය.

එවැනි අය දැනට ඇමැතිවරුන්ට හිමිව පවතින වසර පහකින් පසු හිමිවන විශ‍්‍රාම වැටුප සමග අතිරේක ලේකම් වැනි ඉහළ තනතුරකට උසස් කිරීමට යන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී කැබිනට් අනුමැතිය ලබාගෙන මෙය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කළහොත් අධිකරණයට යාමට කටයුතු කරන බවද ඔහු කීය. ස්ථිර පත්වීම් ලබාදීමට යන මෙම පිරිසට වසර 05 ක් සම්පූර්ණ නොවීම නිසා ස්ථිර කිරීමෙන් පසු ඉදිරි වසර පහ තුළ ස්ථිර කරන ලද තනතුරේ සිටියදීම වරප‍්‍රසාද හිමිවන ලෙස මෙය සිදුකිරීමට යන බවද ජයසුන්දර මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles