Divaina - මාධ්‍ය මගින් හෙළිකළ සුදු වෑන් ඝාතන සෙවීම සීඅයිඞී අරඹයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

පසුගිය රජය සමයේ සුදු වෑන්වලින් පැහැරගෙන ගිය පුද්ගලයන් කීපදෙනකු ඝාතනය කර කිඹුලන්ට කෑමට වැවකට දැමූ බවට පුද්ගලයන් දෙදෙනකු මාධ්‍ය මගින් කරන ලද හෙළිදරව්ව පිළිබඳව සෙවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 04 - පිටුවට

ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (10 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී මෙම පුද්ගලයන් දෙදෙනා පෙනී සිටිමින් කියා සිටියේ තමන්් පසුගිය රජය සමයේ සුදු වෑන් රථවලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට දායක වූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම සඳහා දැනටමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි.

ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා තමන් රියැදුරන් ලෙස සේවය කළ අය බවත් පසුගිය රජය සමයේ සුදු වෑන් රථ වලින් පුද්ගලයන් පැහැර ගැනීමට දායක වූ බවත් හෙළිකර තිබිණි.

නෝමන් පලිහවඩන

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles