Divaina - බෝම්බ තොරතුරු හෙළි නොකරනවා නම් එරාන් වික්‍රමරත්න අත්අඩංගුවට ගත යුතුයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

udayasjඑක්‌සත් ජාතික පක්‌ෂය විසින් බෝම්බයක්‌ පුපුරුවා එහි වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත පැටවීමේ සූදානමක්‌ තිබෙනවා ද යන්න පිළිබඳව සාධාරණ සැකයක්‌ මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (8 දා) පොලොන්නරුව බැඳිවැව පාරෝ ලේක්‌ හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
 
 2019 නොවැම්බර් 6 දින එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මැතිවරණ කොමිසමට හදිසි ලිපියක්‌ යවනවා. එතුමාගේ මවුබස වන ඉංගී්‍රසි බසින් ඒ ලිපිය ලියා තිබෙන්නේ. එය මුලින් කියවලා ඊට පස්‌සේ අපි ඒක අපේ මවුබසට පෙරළා ගමු. ඒ ලිපියෙන් කියෑවෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි සතියේදී බෝම්බයක්‌ පිපිරවීමට සැලසුම් කරන බවට තමන්ට විශ්වාසනීය ප්‍රවෘත්තියක්‌ ලැබුණු බැවින් වහාම ජාතික ආරක්‌ෂක සභාව කැඳවීමට එජාපය කටයුතු කළ යුතු බවට තමන්ට ට්‌විටර් පණිවිඩයක්‌ ලැබුණු බවයි.
 
 බෝම්බ පිපිරවීමක්‌ සම්බන්ධයෙන් බැවින් හරි නම් එතුමා මේ ලිපිය යෑවිය යුත්තේ පොලිස්‌පතිතුමාට මිස මැතිවරණ කොමිසමට නොවේ. ඒකෙන් පේන්නේ ජාතික ආරක්‌ෂාවට වඩා දේශපාලන වාසිය තමන්ට වැදගත් බව මන්ත්‍රීතුමා සිතන බවයි. පාස්‌කු ප්‍රහාරය පිළිබඳ මාස ගණනාවක්‌ අනතුරු ඇඟවීම් කරලා තිබියදී කිසිම පියවරක්‌ නොගෙන තමන්ගේ ජීවිත විතරක්‌ බේරා ගන්න එදා පල්ලි නොගිය හරීන් ප්‍රනාන්දු සහ එරාන් වික්‍රමරත්න වැනි ඇමැතිවරු මෙදා පාර කඩිමුඩියේ ප්‍රතිචාර දක්‌වන්නේ ඇයි? මෙතැන බෝම්බ බියක්‌ තිබෙන නිසා නොවේ. zශ්‍රී ලංකා පොදුජන පෙරමුණZ පද පෙළ තිබුණු නිසා. ජනාධිපතිවරණයේ තම ප්‍රතිවාදියාගේ පක්‌ෂය මේකට ගාවලා තිබෙන නිසා.
 
 පාස්‌කු ප්‍රහාරය ගෝඨාභය මැතිතුමා මත පටවන්න බොරු වීඩියෝ හදපු එජාපය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි සතියේ බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කරන්න හදන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නේaa. ඒ නිසා එජාපය විසින් බෝම්බයක්‌ පුපුරුවලා ඒ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත පැටවීමේ වෑයමක්‌ තිබෙනවා කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. එරාන් මන්ත්‍රීතුමා පොලිසියට පැමිණිලි නොකළත් අපි මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. මොකද පොදුජන පෙරමුණ බෝම්බ පිපිරවීමට සිටින කතාව පට්‌ටපල් බොරුවක්‌ බව ඉතාම වගකීමෙන් දැඩිව අවධාරණය කරනවා.
 
 සාමාන්‍යයෙන් ට්‌විටර් පණිවිඩයක්‌ මුලින්ම සටහන් වෙන්නේ පණිවිඩය එවූ අයගේ ට්‌විටර් නාමයයි. නමුත් එරාන් මන්ත්‍රීතුමා සිතා මතා ඒක යටපත් කරලා තිබෙනවා. එතුමාට ලැබුණු පණිවිඩය විශ්වාසනීය නිසානේ එතුමා ඒක මැතිවරණ කොමිසමට යොමු කරලා මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක්‌ ලබා දෙන්නේ. ප්‍රවෘත්තිය විශ්වාසනීය බවට ඒ පණිවිඩයේ සඳහන් වෙනවානේ. එරාන් මන්ත්‍රීතුමාට තොරතුරු ලබාදුන් පුද්ගලයාව එතුමා විසින් පොලිසියට හෙළි කළ යුතුයි. ඔහුට ලැබුණු තොරතුරු විශ්වාසනීය බැවින් මේ බෝම්බකරුවන්ව ඔහු දන්නවා. මේ බෝම්බ කතාව ඇත්තක්‌ද? බොරුවක්‌ද? ඇත්තක්‌ නම් ඒ පිටුපස සිටින්නේ කවුද යනාදිය දැන ගත හැක්‌කේ එවිටයි.
 
 එරාන් මන්ත්‍රීතුමා මේ තොරතුරු හෙළි නොකරනවා නම් ජාතික ආරක්‌ෂාවට වැදගත් තොරතුරක්‌ හෙළි නොකිරීම පිළිබඳව ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි.
 
 එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද අදහස්‌ දැක්‌වීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles