Divaina - ලබන වසරේ පළමු මාස හතරට රුපියල් බිලියන 745ක - රාජ්‍ය ආදායමක් බලාපොරොත්තු වෙනවා - බිලියන 721 ක ණය ගැනීමක්ද කරනවා - මුදල් ඇමැති මංගල සමරවීර

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

re9 1- ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබූ තොරතුරු බෙදාහැරීමක් සිදු වූයේ නම් හානිය අවම කරගන්න තිබුණා

- ලබන වසරේ පළමු මාස හතරක කාල පරිච්ෙඡ්දය තුළදී රාජ්‍ය ආදායම් ලෙස රුපියල් බිලියන 745 ක් බලාපොරොත්තු වන අතර රුපියල් බිලියන 721 ක මුදලක් ණය ලබාගැනීමටද බලාපොරොත්තු වන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා 2020 වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) කියා සිටියේය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (23දා) පෙරවරු 10.30 ට රැුස්විණි.

ජනාධිපති සංදේශ, නිවේදන, වාර්තා, පෙත්සම්, ලිපි ලේඛනාදිය ඉන් අනතුරුව ඉදිරිපත් කෙරිණි. අනතුරුව මන්ත‍්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අතුරු සම්මත ගිණුම ඇතුළු මුදල් පනත යටතේ නියමයන් විසිතුනක් අනුමැතිය සඳහා ඉදිරිපත් කරමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.

කොහොම වුණත් අපි ඔක්තෝබර් කුමන්ත‍්‍රණය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හා නීතියට අනුව පරාද කරලා නීත්‍යානුකූල රජය නැවතත් පිහිටුවලා අතුරු සම්මත ගිණුමක් මගින් 2019 මුල් මාස 04 සඳහා මූල්‍ය වියදම් වෙනුවෙන් එදා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්තා.

ගරු කථානායකතුමනි, මෙවරත් 2020 මුල් මාස 04 සඳහා 2020 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුම් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මා ගරු පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ඉල්ලා සිටිනවා.

අපි රටක් ලෙස ඉදිරියට යාමට නම් වර්තමානයේත්, අතීතයේත් සිදුවූ දෑ කුමක්දැයි හොඳින් අවබෝධ කරගත යුතුයි. ඉතා සාර්ථක ආර්ථික සංවර්ධන ඉලක්කයන් හඹායමින් සිටි අපගේ ආණ්ඩුවට පහුගිය අපේ‍්‍රල් මාසයේ අවාසනාවන්ත පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන්ගේ ප‍්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදුවුණා. එදා අහිංසක සිවිල් ජනතාවට එරෙහිව කළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය නිසා ජීවිත ගණනාවක් අහිමිවුණා විතරක් නෙමෙයි සමස්ත ආර්ථිකයට දැඩි කම්පනයක් ඇති කළා.

ඇත්තෙන්ම 2019 මුල් කාර්තුවේදී 3.7% ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළත්, ප‍්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික වෘද්ධියේ පසුබෑමක් ඇති වුණා. විශේෂයෙන්ම පාස්කු ප‍්‍රහාරය නිසා සංචාරක කටයුතු ඇතුළු සේවා අංශවලට දැඩි පීඩනයක් ගෙන එනු ලැබුවා. එහි සෘජු හා වක‍්‍රාකාර බලපෑම් රටේ ආර්ථික ක‍්‍රියාකාරකම් යම් මට්ටමකට අඩපණ කරන්නටත් බලපෑවා. රාජ්‍ය ප‍්‍රතිපත්තිවල නිසි මැදිහත්වීමක් පශ්චාත් පාස්කු කි‍්‍රයාකාරකම් නිසි ලෙස කළමනාකරණය කිරීමත් නිසා ආර්ථිකයේ සම්පූර්ණ කඩාවැටීමක් කිසිසේත් සිදුවුණේ නෑ.

සාමාන්‍යයෙන් වසරක් පාසා ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වාර්තාව වසර අවසානයේ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම වැදගත් සම්ප‍්‍රදායක්. නමුත් එයට විකල්පයක් ලෙස අතුරු සම්මත ගිණුමක් මගින් කෙටි කාලයක් සඳහා මුදල් වෙන්කොට අදාළ වර්ෂයේදී අයවැය ඉදිරිපත් කිරීම මෙයට පෙරද සිදුකර තිබෙනවා.

එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ අංශ ගණනාවක් ඔස්සේ ව්‍යවසායක සහන ණය වැඩසටහන් 21 කට වැඩි ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක වෙනවා. මේ වෙන කොට 2019 වර්ෂයේ ලබාදී ඇති එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා සහන ණය ප‍්‍රමාණය ව්‍යාපෘති 60,000 ක් වෙනුවෙන් රුපියල් බිලියන 97 ද ඉක්මවා තිබෙනවා.

මේ සියලූ පසුබෑම හා අභියෝග මැද වසරේ සමස්ත ආර්ථිකයේ වර්ධනය 3% ක පමණ ප‍්‍රමාණයක රඳවා ගැනීමට හැකිවේ යයි මා බලාපොරොත්තු වෙනවා. අවුරුදු ගණනාවක් පසුගිය රජය විසින් ගොඩ ගැසූ ණය කන්දක පොළියත්, වාරිකත් ගෙවීම මේ රජයට විශාල බරක් බවට පත්වුණා. අපි දැනටත් ගෙවන ජාත්‍යන්තර ණය වලින් 72% වඩා ගෙවන්නේ පසුගිය රජය ලබාගත් ණය සඳහායි. ඒ හේතුවෙන් අප සිහින මැවූ ආර්ථික වෘද්ධියත්, සංවර්ධනයත් රටට අත්කර ගැනීමට නොහැකි තරමේ ණය බරක් රජය මත පැටවී තිබුණා.

මෙතරම් විදේශ ණය ලබාගනිමින් රට තුළ සිදුවූයේ කුමක්දැයි මා නැවත මතක් කරන්න කැමැතියි. එදා ලබාගත් ණය වලින් රටපුරා හැදුවේ කාටවත් වැඩක් නැති මහා පරිමාණ සුදු අලි ව්‍යාපෘති. ඒවායින් ගත්ත කොමිස්වල වාසිය එදා පාලකයො සාක්කුවට දාගත්තා. එහෙත් රටට කිසිදු ආර්ථික ප‍්‍රතිලාභයක් නොලැබෙන ව්‍යාපෘති ගාණක් රටට ඉතිරි වුණා.

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාර නිසා අඩපණ වූ සංචාරක ව්‍යාපාරයට අපි සහන පැකේජයක් ලබාදුන්නා. විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයේ ණය පොළී ගෙවීම් රජය දරාගැනීම මෙන්ම, එම අංශයේ අවශේෂ කි‍්‍රයාකාරී අංශ ගණනාවකටත් අපි සහන ලබාදුන්නා. ‘සංචාරක පොඞ්ඩෝ’ සහන ණය ක‍්‍රමය යටතේ පොළී රහිතව රුපියල් ලක්‍ෂ 05 දක්වා එම අංශයේ සුළු ව්‍යාපාරිකයන්ට අතහිත දුන්නා.

ඔන්න හදපු ව්‍යාපෘති. අද වෙනකම් රජයට කිසිදු ආදායමක් නොලැබෙන සම්පූර්ණ සුදු අලි. අපේ රජය හම්බන්තොට වරාය නැවත අවාසියක් නොවෙන විදිහට චීන සමාගමක් සමඟ සාකච්ඡුා කරලා ප‍්‍රතිආයෝජන ව්‍යාපෘතියක් බවට පත්කළා. ඒ හැරුණු කොට අනික් සියල්ල විශාල ¥ෂිත ගනුදෙනු බව කාටත් පෙනී යනවා.

හයට් හෝටලයේ කාමරයක් හදන්න රුපියල් මිලියන 82 ක් යද්දී ලෝකයේ හොඳම හෝටලයේ එක කාමරයක් හදන්න දළ වශයෙන් රුපියල් මිලියන 45 යි. අද වෙනකම් අපිට හයට් හෝටලයේ කිසිදු වාණිජ ක‍්‍රියාකාරකමක් කරන්න බැරි තරමට ජනතා මුදල් ගිලලා ඉවරයි. තවත් බිලියන ගාණක් වියදම් කරන්න වෙනවා. මෙතරම් රජයේ මුදල් කාබාසිනියා කරලත් නැවත වතාවක් සුපුරුදු ¥ෂිත ක‍්‍රියාදාමයේ යෙදෙන්න සමහරුන්ට තියෙන බලාපොරොත්තු නැති කරගෙන නැති බව පැහැදිලියි.

මේ සියලූ ණය කන්දරාව ගෙවමින් අපේ රජය පසුගිය අවුරුදු 04 ක කාලය තුළ විශාල ජනතා හිතවාදී සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ බව මං මතක් කරන්න කැමැතියි. විශේෂයෙන්ම 2015 මංගල අයවැයෙන් එදා අප රජය රුපියල් 10,000/= ක දීමනාවක් රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමට තීරණය කළා. එම දීමනාව ලබන වසර වන විට පියවරෙන් පියවර වැඩි වෙමින් ඇවිත් රාජ්‍ය සේවක වැටුපේ කොටසක් බවට පත්වෙලා ලබන ජනවාරි වන විට ඔවුන් නොසිතූ ප‍්‍රමාණයකින් ඉහළට ගියා.

මම වෘත්තීන් වශයෙන් වෙන් වෙන්ව දක්වන්නේ නෑ. නමුත් රජයේ සේවකයන්ගේ ජීවන මට්ටම් මේ වෙනකොට පසුගිය වසර 04 ඇතුළත පෙරළිකාර ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව ඉතා පැහැදිලියි. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, අපි රජයේ සේවයේ මෙතෙක් ආණ්ඩු ගණනාවක් අමතක කරලා හිටි විශ‍්‍රාමිකයන්ගේ වැටුප් සැලකිය යුතු මට්ටමකින් මේ වසරේ ජූලි මාසයේ සිට ඉහළ දැම්මා. විශ‍්‍රාමික රජයේ සේවකයින් විශාල පිරිසක් තමන්ගේ ජීවන බර අඩුකිරීම ගැන ස්තුති කරමින් මා වෙත පුද්ගලිකව පවා ලිපි එවා තිබෙනවා.

අපි එවැනි ජනතා හිතවාදී රජයේ සේවකයන්ට සහන දීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළේ අභියෝග රාශියක් මැද්දේ. මෙතරම් විශ‍්‍රාම වැටුප් වැඩිවීම් සිදුවුණත් ජනතාවගේ ජීවන වියදම

පසුගිය වසර 04 ක කාලයක් තිස්සේ සමස්තයක් ලෙස අඩුවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බොහොමයක මිල 2014 ටත් වඩා දැන් අඩු බව මා ඉතා සන්තෝෂයෙන් මතක් කරන්න කැමැතියි. මේ වෙනකොට දකුණු ආසියාවේ අඩුම උද්ධමන වේගයක් පවතින රටක් බවට ලංකාව පත්වුණා. දළ වශයෙන් 4% උද්ධමනයක් දැන් පවතිනවා.

2014 දී රාජ්‍ය ආදායම තිබුණේ රුපියල් බිලියන 1,195 ක්. එය අප රජය විසින් 2019 වන විට රුපියල් බිලියන 2,357 දක්වා ඉහළ නැංවුවා. එතුළින් සෞඛ්‍ය වගේම සුබසාධන වියදම් වැඩි කිරීමටත් අපට හැකිවුණා. එතුළින් සෞඛ්‍ය වගේම සුබසාධන වියදම් වාර්ෂිකව දිගින් දිගටම වැඩි කිරීමට අපට හැකිවුණා.

එසේ දුන් වැටුප් සහන වලට අමතරව අප තවතවත් රජයේ සේවකයන් වෙත අනුග‍්‍රහය ලබාදෙනවා. මං ඉන් කීපයක් පහත දක්වනවා.

එදා සිටි පාලනය හමුදාව පෙන්නලා පවුල් පාලනයක් ගෙන ගියා. ඔවුන්ට බොරු පොරොන්දු දුන්නා. ඒ අයගේ කාලෙදී ජනාධිපතිවරයා හම්බවෙන්න වත් හමුදාවෙ අයට අවස්ථාව දුන්නේ නෑ. අපි හමුදා වැටුප් වැඩි කළා. ඒ වගේම අවුරුදු 20 කට පස්සේ ත‍්‍රිවිධ හමුදාවල දීමනා වැඩිකළා. කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ යහපැවැත්මේ දීමනාව පසුගිය ජූලි 01 සිට වැඩි කළා. ආබාධිත සෙබළුන් වගේම මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ ඉල්ලීම් සලකලා බලලා අපි ඔවුන්ට ජීවත්වෙන තාක් කල් සම්පූර්ණ වැටුප ගෙවන්නත් සති කීපයකට කලින් තීරණය කළා.

ඒ වගේම දිවා ? අව් වැසි නොතකා විශාල සේවයක් කරන පොලිස් නිලධාරීන් පසුගිය රජය අමතක කළා. අපි ඔවුන්ගේ වැටුප් 238% කින් වැඩි කළා. මීළඟ දෙසැම්බර් මුල ඉඳලා දින 14 සංයුක්ත දීමනාව වෙනුවට දින 20 නව දීමනාවක් ලබාදීමට මා කටයුතු කරනවා.

රජයේ සේවකයන්ගේ ආපදා ණය උපරිම සීමාව රුපියල් 250,000 සිට රුපියල් 350,000/= දක්වා අපි වැඩි කරනවා. ඒ සඳහා ගෙවිය යුතු පොළිය 4.2% සිට 3% දක්වා අඩු කරනවා.

රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලවලට මෙතක් කල් පාපැදි මිලදී ගැනීමට ලබාදුන් රුපියල් 6,000/= මුදල 10,000/= දක්වා ඉහළ නංවනවා. එහි ණය වාරික පොළියත් 4.2% සිට 3% දක්වා අඩුකරනවා.

කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ට වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 4,000/= සිට 5,000/= දක්වා වැඩි කරනවා.

ජාතික රක්‍ෂණ භාර අරමුදලේ දායකත්වය ලබා සිටින රජයේ සේවකයන්ට වසර තුනකට වරක් ලබාදෙන රුපියල් 5,000/= ඇස් කණ්නාඩි දීමනාව රුපියල් 8,000/= දක්වා අපි වැඩි කරනවා.

රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවය, රියදුරු සේවය, කළමනාකරණ සේවා නිලධාරීන් වෙත වසරකට අවම වශයෙන් දින පහක අනිවාර්ය පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් අපි දියත් කර තිබෙනවා.

ජනතාව අතර ගැවසෙමින් විශාල සේවයක් කරන ග‍්‍රාම නිලධාරීන්ගේ දීමනා අපි පසුගිය වසරේ සිට වැඩි කළා. ඔවුන්ගේ කාර්යාල දීමනා මහනගර සභා සහ නගර සභා ප‍්‍රදේශවල රුපියල් 1,500/= දක්වාත්, ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශවල රුපියල් 1,000/= ක් දක්වාත් දෙගුණයකින් වැඩි කළා. රටපුරා සිටින 14,022 ක් වන ග‍්‍රාම නිලධාරීන්ට එයින් ප‍්‍රතිලාභ ලැබෙනවා. ඔවුන්ගේ ගමන් වියදම් බලප‍්‍රදේශය තුළ රුපියල් 200/= සිට 600/= දක්වාද, ඉන් පිටත රුපියල් 500/= සිට 1,000/= දක්වාත් ඉහළ දැම්මා. වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 1,000/= සිට 1,500/= දක්වා වැඩිකළා. එමෙන්ම නිල ඇඳුම් දීමනාව රුපියල් 4,300/= දක්වා වැඩි කළා. දැනටමත් ඔවුන්ට ගෙවන සන්නිවේදන දීමනාව සහ ගමන් වියදම් දීමනාව එකතු කොට රුපියල් 5,000/= පොදු දීමනාවක් ලබාදීමට කි‍්‍රයා කළා.

මෙවැනි පසුබිමක් යටතේ මා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් පහත යෝජනා සඳහා අනුමැතිය ඉල්ලා සිටිනවා. 2020 පළවෙනි මාස හතරක කාලය සඳහා පුනරාවර්ථන හා මූලධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,470 කුත්, අත්තිකාරම් ගිණුම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 05 ක් සඳහා අනුමැතිය ඉල්ලා සිටිනවා. 2020 වර්ෂය සඳහා විසර්ජන පනතක් මගින් මුදල් අනුමත කරගැනීමේදී මෙකී වියදම් එම විසර්ජන පනත යටතේ සිදුකළ වියදම් ලෙස සලකා එයට අන්තර්ග‍්‍රහණය කරනවා. අදාළ වියදම් සඳහා වූ විස්තර යෝජනාවට අමුණා තිබෙනවා.

ගරු කථානායකතුමනි, 2020 පළමුවෙනි මාස 04 ක කාලයේදී රාජ්‍ය ආදායම් ලෙස රුපියල් බිලියන 745 ක ප‍්‍රමාණයක් බලාපොරොත්තු වන අතර, එම කාලය සඳහා රුපියල් බිලියන 721 ක මුදලක් ණය ලෙස ලබාගැනීමටද රජය බලාපොරොත්තු වෙනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන (එජනිස)

මුදල් ඇමැතිවරයා දැන් ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණයක් කළා. රාජපක්‍ෂවරු ගැන තිබෙන වෛරය ගැන දේශපාලන කතාවක් කළේ.

මුදල් ඇමැතිවරයා වැටුප් වැඩිවීම ගැන කතා කරන්නෙ කවුරු හරි ලියලා දුන්නු එකක්. වැටුප් වැඩි කළවිට බඩු මිල වැඩිවීමත් සිදුවෙනවා.

මහින්ද රාජපක්‍ෂ යුගයේ තෙල් මිල ඉතා ඉහළයි. වෙන කිසිම රජයකට මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ නැහැ. 2015 පසුව තෙල්මිල විශාල ලෙස අඩු වුණා. මේ පාර්ලිමේන්තුව නොමග යවනවා ආණ්ඩුව විසින්.

මේ රට යුද්දෙ නිම වූ පසු වැඩ බිමක් බවට රට පත්වුණා. සංවර්ධනය වෙමින් පවතින ආදායම් රටක් බවට පත්වුණා. එහෙම භාර දුන්න රට සුනාමි, යුද්ධ, මූල්‍ය අර්බුද නැතිව බාරදුන්න රට අද පහළට වැටිලා. ඉකුත් වර්ෂ පහේම සාමාන්‍ය ආර්ථික වේගය 3.7 යි. මහින්ද රාජපක්‍ෂ යුගයේ ආර්ථික වර්ධන වේගය සියයට 7.10 යි. මේ අවුරුදු පහේ මූල්‍ය ආර්ථිකයට වින කළ කෙනා ගෙන්වා දඬුවම් දිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපති වූ විට ආර්ථිකය ගොඩනැගීම ආරම්භ කරනවා.

පත්කළ මන්ත‍්‍රී බිමල් රත්නායක (ජවිපෙ)

අතුරු අය වැය ඉදිරිපත් කරන්න ගන්නා තීරණයට වැරදි තීරණයක්. ආර්ථික වේගය 2.7 ට බැහැලා. දකුණු ආසියාවේ අඩුම වේගය. ඡුන්දය ඉලක්ක කරගෙන කරන වැඩිකිරීම් නිසා තවත් අර්බුදයට යනවා.

මහ මැතිවරණය නිසා ලබන වසරත් අතුරු සම්මත ගිණුම් වලින් යන්න වෙන්නේ.

මන්ත‍්‍රී මයන්ත දිසානායක මූලාසනයට

මෙය සහමුලින්ම ජනතාව ගසාකන ලේඛනයක්. කෝටි 10 කට අධික මුදලක් ජනාධිපතිට වාහන 2ක් ගන්න පරිපූරකයක් සම්මත කළා. ජනාධිපති විශ‍්‍රාම යන්නේ ඇමැති නිල නිවාස 3 ක් එක්කර හදපු නිල නිවස අරගෙන යනවා. රුපියල් කෝටි 800 ක නිවස දෙන්න කැබිනට් පති‍්‍රකාව දැම්මේ මුදල් ඇමැති.

වාහන දෙකයි පැජට් පාරේ නිවසයි අරගෙන යනවා.

මංගල සමරවීර මහතා

ජනාධිපතිට සින්නක්කරව දුන්නා කියන චෝදනාව වැරදියි. එස්. ටී. එෆ් ආරක්‍ෂාව දෙන්න පමණයි අපි ඉදිරිපත් වුණේ.

බිමල් රත්නායක මහතා

සින්නක්කරව නොවුණත් ජනාධිපති හා බිරිඳ ජීවත්ව සිටිනතාක් කල් ඉන්න පුළුවන්. ජනාධිපතිට ඉන්න ගෙයක් නැද්ද. මේ ගැන කෝප් කාරක සභාවේ විගණනයක් විය යුතුයි. මේක දුප්පත් රටක්. ජනතාව දුක් විඳිනවා. ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි.

අපි අතුරු අයවැය යෝජනාවට විරුද්ධ වෙනවා.

පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇමැති හර්ෂ ද සිල්වා මහතා

දේශපාලන බොරු පොරොන්දු දීලා රට තවත් පහළට හෙලන්න එපා. වැට් බදු සියයට 8 දක්වා අඩු කරන බව කීවත් එයින් අතිරේක ඉපයීම හා පහසුකම් ලබාදෙන්න කොහොමද කියන්නේ නැහැ.

අපි කවුරුත් කැමැතියි වැට් බදු අඩු කරන්න. නමුත් වහාම අඩු කරන්න බැහැ. අහිංසක මිනිස්සු මුලා කරන්න හොඳ නැහැ.

ඩොලර් ආදායම වැඩි කිරීම ගැන විපක්‍ෂ අපේක්‍ෂකයා කතා කර නැහැ. රට දියුණු කළ හැක්කේ ඩොලර් ආදායම වැඩි කිරීමෙන් පමණයි.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නිමල් ලංසා මහතා (එජනිස)

පාස්කු ප‍්‍රහාරය ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න කියා ඉල්ලූ අයෙක් මම. ඒත් එහි කමිටු සාමාජිකයන්ට විරුද්ධව මුලින්ම කතා කළෙත් මම. එය පසුගිය සතියේ හකීම් ඇමැතිවරයාගේ කි‍්‍රයාවෙන් ඔප්පු වුණා. අපි මේ තේරීම් කාරක සභා වාර්තාව ප‍්‍රතික්‍ෂේප කරනවා. මියගිය කතෝලික ජනතාවට කිසිම සාධාරණයක් ඉටුවී නැහැ. මේ ආණ්ඩුව ත‍්‍රස්තවාදීන් ආරක්‍ෂා කරනවා. වෙන රටවල් වල ආණ්ඩු ත‍්‍රස්තවාදීන්ට එරෙහි වෙනවා.

මඩකලපුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එස්. යෝගේෂ්වරන් (දෙ.ජා.පක්‍ෂය)

රජය මුදල් සම්පාදනය කිරීමට විවිධ කි‍්‍රයාමාර්ග ගන්නවා. මත්පැන් සැල් වලින් වැඩියෙන් බදු අය කළ යුතුයි. යාපනය මත්පැන් භාවිතයෙන් පළමු තැන ගන්නවා. දිස්ත‍්‍රික්කයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම වැඩියි. ජනතාව දුප්පත්කම වැඩිවීමට එය හේතුවක්. පාසල් අවට මත්පැන්හල් තියෙනවා. රජය මේවා පාලනය කළ යුතුයි.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික‍්‍රමරත්න මහතා

එජාපය ත‍්‍රස්තවාදයට සම්බන්ධ කිරීමට සමහරු උත්සාහ කළා. එහෙත් 2005 දී ජනාධිපතිවරණයේදී ජයගන්න ශ‍්‍රීලනිපයේ අය කොටින්ට සල්ලි දී තිබුණා. එල්.ටී.ටී.ඊ යෙන් බැට කෑවෙ එජාපයයි. නායකයො රැුසක් අපට අහිමි වුණා. ආර්ථිකය වර්ධනය වෙමින් තිබුණා. පළමු කාර්තුවේ 3.7 ක වර්ධනයක් තිබුණා. පාස්කු ප‍්‍රහාරය එල්ල වූවත් අවුරුද්ද අවසන් වනවිට සියයට 3 ක වර්ධනයක් ඇතිවේවි. උද්ධමනය ස්ථාවර වෙමින් තියෙනවා. අපනයනයේ දියුණුවක් ඇති වෙනවා. පාස්කු ප‍්‍රහාරය එල්ල වීමෙන් ආර්ථිකය වැටීම වළක්වා ගැනීමට රජය කඩිනමින් කටයුතු කළා. ජනාධිපතිවරණය දිනුවාට පසුව ලබන වසරේ මුල අයවැයක් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. වෘත්තිකයන්ගේ පඩි වැඩි කර තියෙනවා. සමහර තැන්වල සියයට සියයකටත් වඩා වැඩි කළා. අද නීතිපතිට රුපියල් හයලක්‍ෂ අසූපන්දහසක් පඩිය ලැබෙනවා. මේවා කලට වේලාවට ලබා දෙනවා. ණය වාරිකත් කලට වේලාවට ගෙවනවා. ආණ්ඩුවේ ආයතනවලට ඥාතීන් පත් කිරීම අපි නතර කරනවා. එදා ශ‍්‍රීලංකන් ආයතනය පාඩු ලැබුවත් අද එය පාලනය කරමින් පවතිනවා. අපි ඒ ආයතනයට නිදහස ලබාදී තියෙනවා.

(කථානායක කරු ජයසූරිය මහතා මූලාසනයට)

අතුරු සම්මත ගිණුම සම්මත විය. එමෙන්ම මුදල් පනත යටතේ වන නියමයන් සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව ලබන 07 දා පෙරවරු 10 ට යළි රැුස් වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles