Divaina - මගේ රජයක් යටතේ සියලූ රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරනවා - ගෝඨාභය රාජපක්‍ෂ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 5තම රජයක් යටතේ සියලූම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලාභ ලබන ආයතන බවට පත්කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

වත්මන් රජය රාජ්‍ය නිලධාරීන්ට නිසි තීන්දුවක් ගැනීමට නොහැකි වන අයුරින් බියක් ඇතිකර ඇති බවත් තම රජයක් යටතේ රට වෙනුවෙන් අවංකව නිර්භීතව තීරණ ගත හැකි ආකාරයට ඔවුන්ට නීතිමය රැුකවරණය ලබාදෙන බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

තම ජයග‍්‍රහණයෙන් පසු විනය ගරුක කි‍්‍රයාශීලී රජයක් ඇතිකරන බව කී හෙතෙම රාජ්‍ය ආයතනවලට කාර්යක්‍ෂම නිලධාරීන් පත්කරන බව පැවැසීය. ගම්පොල නගරයේ ඊයේ (23දා) පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය - ගම්පොළ සිට
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles