Divaina - සහරාන් සමඟ සබඳතා පවත්වලා - හකීම් ඉන්න තේරීම් කාරක සභා වාර්තාව පිළිගන්න බෑ - දිනේෂ් ගුණවර්ධන

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 6- අහම්බෙන් අහුලාගත් ඡායාරූප  තබාගෙන ත‍්‍රස්තවාදීන් සමඟ  මට සබඳතා තිබූ බව කීම අසත්‍යයක්- ඇමැති රාවුෆ් හකීම්

ත‍්‍රස්ත නායක සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගිය ඇමැති රවුෆ් හකීම් මහතා සාමාජිකත්වය දරන පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිගත නොහැකි බව දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවසීය.

එම තේරීම් කාරක සභාවේ වාර්තාව එහි සාමාජික මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නැඟී සිටි අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

දිනේෂ් ගුණවර්ධන මහතා -

මේ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් ඇමැතිවරයා පිළිගෙන තිබෙනවා සහරාන් හමු වූ බව. මේ අනුව මේ කාරක සභාව අපක්‍ෂපාතී පරීක්‍ෂණයකට තුඩු නොදෙන බව හෘද සාක්‍ෂියට අනුව හකීම් ඇමැතිවරයා පිළිගන්නවා ඇති. මේ සැකයට භාජන වන සබඳතා ගැන කාරක සභාව පත් කළ අවස්ථාවේදී කථානායකවරයාට දැනුම් දියයුතුව තිබුණා. කාදිනල්තුමා පවා දිගටම පැවසුවේ මෙය පිළිගත නොහැකි කමිටුවක් බවයි. මෙවැනි සාමාජිකයෙක් සිටින කමිටුවක වාර්තාවක් පිළිගන්නෙ කොහොමද?

මෙය පාර්ලිමේන්තුවේ සැකයට භාජනය වී ඇති කරුණක්. සහරාන් හමු වූ බව හකීම් ඇමැතිවරයා පිළිගෙන ඇති අවස්ථාවක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කොහොමද? මේ පාස්කු දින ප‍්‍රහාරය පිළිබඳ පත් කළ තේරීම් කමිටුව සහ වාර්තාව පිළිගත නොහැකි තැනක තිබෙන්නේ.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා -

මේ කාරක සභාවට පත් කළ අයගේ නම් 2019 මැයි මස 23 දා කථානායක ඉදිරිපත් කරද්දී කවුරුවත් විරුද්ධ වුණේ නැහැ.

ඇමැති රාවුෆ් හකීම් මහතා -

දැන් අපි නව සහයෝගිතා යුගයකට පැමිණ සිටිනවා. සාමය පවත්වා ගනිමින් මනා අවබෝධයක් ඇති කර ගත යුතුයි. සත්‍යය අසත්‍යයට වඩා හොඳින් තිබිය යුතුයි.

සියලූ මාධ්‍යවල චෝදනා කරනවා පාස්කු දින ප‍්‍රහාරයට මගේ සබඳතාවක් ඇති බවට. මේ චෝදනා මගින් පොදු විපක්‍ෂ සාමාජිකයන් විශේෂ කාරක සභාවේ අනාවරණයන් ගැන සැක මතු කරනවා.

2015 දී කළ හමුවක් ගැනයි මේ කියන්නේ. සහරාන් මා සමග අතට අත දෙන අවස්ථාවක් නිරූපණය කරනවා. මම ජනවර්ගයක් නියෝජනය කරන පක්‍ෂයක්. අපි ජනතාව සමග ඉතා සුහදව කටයුතු කරනවා. මිනිසුන්ගේ මනස කියවන්න අපට බෑ. අනාගතයේදී ඔවුනුත් මරාගෙන මැරෙන කණ්ඩායම් වේවි කියා. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයන් මොහු ත‍්‍රස්තවාදියකු බවට හඳුනාගෙන සිටියේ නැහැ.

මේ වීඩියෝ දර්ශනයේ තියෙන්නේ ඔහු ආගම දේශපාලනය බවට පත්කරන අයෙක් බවටයි. මේ වීඩියෝව ඉදිරිපත් කළේ මෙම සිද්ධියෙන් පසුවයි. මේ පුද්ගලයන් අප හමුවන්න පැමිණීම සාමාන්‍ය දෙයක්.

මම ඔවුන්ගේ දුක් ගැනවිලිවලට සවන්දීම පමණයි කළේ. නියෝජ්‍ය පොලිස්පති මා සමඟ සිටිනවා. මෙය රහසිගත හමුවීමක් නොවෙයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩියේ සංවිධායක ෂියාඞ් මා සමඟ සිටිනවා. දැන් ඒ වීඩියෝව පමණක් ඉවත් කරගෙන තිබෙනවා. ඒත් ඒවා මා සතුව තිබෙනවා.

හිස්බුල්ලාගේ පක්‍ෂය පොදුජන පෙරමුණ නියෝජනය කරන බව හැමෝම දන්නවා. ත‍්‍රස්තවාදීන් හමු වූ බව කියන කාරණාව මඩ ගැසීමක් බව පොදු විපක්‍ෂය හොඳින් දන්නවා. මෙය දේශපාලන ප‍්‍රතිලාභ ලබා ගැනීමේ ක‍්‍රියාවක්. චරිත ඝාතනය මගින් no-premature-ejaculations.com ගන්නවා නම් එය ඔවුන්ගේ දුර්වලතාවක්. සත්‍යය තමන් සතුව නැතිනම් ඔවුන් හැම විට අන්ධයි. මගේ චරිතය විනාශ කරන්න බෑ. ඔබට අවශ්‍ය මගේ චරිතය ඝාතනය කර ඔබේ ඉලක්කයට යන්න. එය කරන්න එපා. එය මහත්මා ලක්‍ෂණයක් නොවෙයි.

ඉතා සැලසුම් සහගතව මට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ගෙන යනවා. අහම්බෙන් අහුලාගත් ඡුායාරූප තබාගෙන ත‍්‍රස්තවාදීන් සමඟ මට සබඳතා තිබූ බව කීම අසත්‍යයක්. ඊට වඩා රසවත් ඡුායාරූප මම අද පෙන්වන්නම්. ඒ ඡුායාරූප බලලා මගේ පැත්තට ඇඟිල්ල දිගු කරන්න. මා සයින්දමරුදු රෝහලේදී කෙනෙක් හමු වූ බව කියන ඡුායාරූප පෙන්වන්නම්. මට මඩ ගහන මව්ලවිවරු මොනවගේ නායකයන් ඇසුරු කරනවාද කියා මා පෙන්වන්නම්.

තේරීම් කාරක සභාවේ මා ස්වාධීනව කටයුතු කළා. කරුණු හෙළිකර ගැනීමට අප ගත් වෑයම මාධ්‍ය හරහා රටම දැක ගත්තා. මේ තේරීම් කාරක සභාව වර්ජනය කරන්න ඒකාබද්ධ විපක්‍ෂය හා ශ‍්‍රීලනිපය කටයුතු කළා. ඒ විශ්වාසනීයත්වයට කැළලක් ඇති කරන්න. ශිරානි බණ්ඩාරානායකට එරෙහි තේරීම් කාරක සභාවත් විපක්‍ෂය එදා වර්ජනය කළා. පටු දේශපාලන වාසි සඳහා මෙවැනි චෝදනා එල්ල කිරීම ගැන කනගාටු වෙනවා.

අකිත පෙරේරා/ රනිල් ධර්මසේන
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles