Divaina - බිත්තර ආනයනය කිරීමේ තීරණය හකුළා නොගත්තොත් පාරට බහිනවා
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 අරුණ බෝගහවත්ත
 
 dayasfiri135බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය වහා හකුළා ගත යුතු බවත්, එසේ නොමැතිවුවහොත් ඉදිරි දින කිහිපය තුළදී දේශීය බිත්තර ව්‍යාපාරිකයන් සමග පාරට බැස ඊට එරෙහිව කටයුතු කරන බවත් ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
 මේ වන විට යම් ප‍්‍රමාණයකට වෙළෙඳ පොළේ බිත්තර මිල ඉහළ ගියද දෙසැම්බර් වන විට බිත්තර මිල රු. 14 ට 15 ට පහළ බසිනු ඇතැයි දේශීය බිත්තර නිෂ්පාදකයන් දැනුම් දී ඇති බවද මහ ලේකම්වරයා ඊයේ (22 දා* ශී‍්‍ර ලංකා පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
 
 ජීවන වියදම් කමිටුව දැනුම් දුන් බවට සඳහන් කරමින් රජය බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව කී මහ ලේකම්වරයා මේ වන විට මෙ.ටො. 10,000 ක අතිරික්තයක් තිබියදී කුකුළු මස් ආනයනය කිරීමද දිගින් දිගට සිදුකරමින් තිබෙන බව කීවේය.
 
 කුකුළු මස් ආනයනය කිරීම නිසා මේ වන විට බ්‍රොයිලර් කුකුළු පැටවුන්ද අතිරික්තයක් තිබෙන බව කී මහ ලේකම්වරයා එම නිෂ්පාදකයන්ද බිත්තර නිෂ්පාදනය කිරීමට යොමුවී තිබෙන බවද කීවේය.
 
 කුකුළු මස් ආනයනය කිරීමටත් බිත්තර ආනයනය කිරීමටත් රජය ගත් පියවර නිසා මෙම අර්බුදය ඇතිවී තිබෙන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles