Divaina - උ/නැ ජනතාවට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 දිනසේන රතුගමගේ
 
 anadඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී උතුර නැගෙනහිර දෙමළ ජනතාවට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණක් යැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පෙරේදා (21 වැනිදා* නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කොට තිබේ.
 ඉන් පළමු වැන්න වන්නේ ජනාධිපතිවරණය වර්ජනය කිරීම බවත්, දෙවැන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ශිවාජිලිංගම් මහතාට සහාය ලබා දීමත් බව ඔහු සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.
 
 දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ඉදිරිපත් කොට ඇති කරුණු දහතුන කිසිම අයකු විසින් ලබා දීමට කැමැත්තක් නොදක්වන යෝජනා බව ඔවුන් මුලදී ප‍්‍රත්‍යක්ෂ කර ගත යුතුව තිබුණු බව ආනන්ද සංගරී මහතා පවසයි.
 
 මේ යෝජනාවලියට කිසිම අපේක්ෂකයකු කැමැත්තක් නොදැක්වීම නිසා දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂවලට සිදුවන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිම අපේක්ෂකයකුට සහාය නොදක්වා නිහ`ඩව සිටීම බව පවසන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා දෙමළ ජාතික සන්ධානය සටන් බිමෙන් පරාජය වූ පමණින් සෙසු දෙමළ ජනතාවගේ ඡුන්ද අයිතියට බාධා එල්ල කිරීමට ඔවුන්ට අයිතියක් නොමැති බවද කියා සිටියි.
 
 මේ නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අවසානයේදී සිදුවන්නේ දෙමළ ජනතාව නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සිවාජිලිංගම් මහතාට සහාය දැක්වීම යැයි ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles