Divaina - ගෝඨාට එරෙහි ලසන්තගේ දියණිය පැවරූ නඩුව ඉවතට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කීර්ති වර්ණකුලසූරිය
 
 gitotaහිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය ගොනුකර තිබූ නඩුව කැලිෆෝනියා අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර ඇත.
 
 එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකාගේ යහපාලන යුක්තිය යන සංවිධානය විසින් මෙම නඩුව ගොනුකර තිබුණේ පසුගිය අපේ‍්‍රල් 06 දායි.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සමයේ රජය විවේචනය කළ මාධ්‍යවේදීන් වධ හිංසාවලට ලක්වූ බවට දැක්වෙන චෝදනා ද ඇතුළත් චෝදනා එම නඩුවට ඇතුළත් වී තිබුණි.
 
 මෙහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට රාජ්‍ය නිලධාරියකු ලෙස තානාපති මුක්තිය ඇති නිසා මෙම නඩුව ගොනු කළ නොහැකි බවයි. අධිකරණය එම තර්කය පිළිගෙන ඇත.
 
 එහෙත් රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසියකු බව දක්වමින් මේ නඩුව පැවරීමට අහිම්සා වික‍්‍රමතුංග කටයුතු කර තිබුණි.
 
 ඇමෙරිකානු අධිකරණයකදී ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරියකුට එරෙහිව ප‍්‍රතික්ෂේප වූ 02 වැනි නඩුව මෙයයි.
 
 මෙයට පෙර 58 වැනි සේනාංකය භාරව සිටි වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව කොටි හමුදා නායකයකුගේ බිරිය පවරා තිබූ නඩුව ද තානාපති මුක්තිය මත නිෂ්ප‍්‍රභ කර ඇත.
 
 මේ නඩුව මුලින්ම විභාගයට ගනු ලැබූ අවස්ථාවේ රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ මෙය දේශපාලනමය ක‍්‍රියාදාමයක් බවයි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles