Divaina - ටීඑන්ඒ යෝජනාවලට සජිත් හෝ ගෝඨාභය එකඟ වුණොත් ජනාධිපතිවරණයෙන් ඉවත් වෙනවා ශිවාජිලිංගම් කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ති‍්‍රකුණාමලය - සමන් මල්ලවආරච්චි
 
 siwvagදෙමළ ජාතික සන්ධානය ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාට ඉදිරිපත් කළ යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ සජිත් පේ‍්‍රමදාස මහතා එකඟ වන්නේ නම් උතුරු නැගෙනහිර සිටින විද්වතුන් හා සිවිල් සංවිධාන සමග.
 
 සාකච්ඡුා කර තමන් ජනාධිපතිවරණ තරග බිමෙන් ඉවත් වන බව ජනාධිපති ධුර අපේක්‍ෂක හිටපු උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය.
 
 ඒ මහතා එසේ කියා සිටියේ පෙරේදා (21 වැනිදා* ත‍්‍රිකුණාමලය තානායමේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුවට දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා හිටපු මන්ති‍්‍රනී ආනන්දි ශසිදරන් මහත්මියද එක්ව සිටියාය.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ශිවාජිලිංගම් මහතා මෙසේද කීය.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා ළඟවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ළඟවත් දෙමළ ජනතාවගේ ගැටලූවලට විසඳුමක් දක්නට නැහැ. දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලනය හැමදාම කළේ දෙමළ ජනතාව රැුවටීමට ලක් කිරීම පමණයි. එම නිසා තමයි දෙමළ ජනතා සන්ධානය සැදුම් ලත් පක්‍ෂ තුන සමග සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් සංවිධානයත් උතුරේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන කොංග‍්‍රසයත් එක්ව මෙම යෝජනාවලිය ප‍්‍රධාන ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ට ඉදිරිපත් කළේ.
 
 2015 දී දෙමළ ජාතික සන්ධානය මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහාය ලබා දුන්නා. නමුත් දෙමළ ජනතාවගේ ගැටලූවට විසඳුමක් ලැබුණේ නැහැ. ඒකත් හරියට බල්ලෙක් අල්ල ගන්න ගියාම බල්ලා දුවගෙන ගොස් ගහක් උඩට නගිනවා නගින බල්ලා ගහෙන් බහිනකන් බලාගෙන ඉන්නවා වගේ තමයි. ජාතික ගැටලූව තියෙන්නේ 1982 ඉඳලා. රටේ යුද්ධයක් පටන් ගත්තා. මේ හත්වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්න යන්නේ. තාම දෙමළ ජනතාවගේ ගැටලූවලට නිසි විසඳුමක් ලැබිලා නැහැ.
 
 මෙහිදී අදහස් පළ කළ හිටපු උතුරු පළාත් සභා මන්ති‍්‍රනී ආනන්දි ශෂිදරන් මහත්මිය මෙසේ කීවාය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කියනවා යුද්ධයෙන් පසුව කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කරලා එළියට දැම්මා කියලා. යුද්ධය වෙලාවේ මා සමග පැමිණි මගේ ස්වාමිපුරුෂයා හා කිතුණු පූජකවරයෙක් ඇතුළු දහස් ගණනක් භාරවූ අයට මොකද වුණේ කියලා මම අහන්න කැමතියි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles