Divaina - ජනාධිපතිවරණ නිල ඡුන්ද පත‍්‍රිකා 25 දා තැපෑලට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ජනාධිපතිවරණයට අදාළ නිල ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා ගෘහ ඡුන්ද දායකයන් වෙත බෙදාදීම සඳහා 25 වැනිදා මැතිවරණ කොමිසම විසින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.

ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා ගැන අදාළ දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල මගින් දිස්ත‍්‍රික් තැපැල් අධිකාරිවරුන් වෙත භාරදීමෙන් අනතුරුව තැපැල් කාර්යාල මගින් බෙදාහැරීම සිදු කෙරේ.

ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන මස 03 වැනිදා යොදා ගෙන ඇති අතර එදින නිවසේ රැුඳී සිට තම ඡුන්ද පත‍්‍රිකා ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම ගෘහ මූලිකයන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ලබන 09 වැනිදා ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම අවසන් කරන නමුත් එම පත‍්‍රිකා නොලැබුණු ඡුන්ද දායකයන්ට සිය අනන්‍යතාව තහවුරු කර තැපැල් කාර්යාලවලින් ලබාගත හැකි බවද කොමිසම පවසයි.

රනිල් ධර්මසේන
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles