Divaina - ගුරුකන්ද විහාරාධිපති හිමි ආදාහනය ඥානසාර හිමි ඇතුළු 3 ක් 8 දා උසාවි කැඳවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 3අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහනය එම විහාර භූමියේ සිදුනොකරන ලෙසට මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගය උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ලබන 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (21දා) නියෝග කළේය.

ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරස්ථ භූමියේ ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පෙන්වා දෙමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශාන්තිනි එස්. ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

මුලතිව් දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා එම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

p1 4ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර මන්ත‍්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles