Divaina - මුලතිව් පොල් අක්‌කර හාරසීයට හිටපු මන්ත්‍රී රවිහරන් හරස්‌ වෙලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 දිනසේන රතුගමගේ
 
 පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ අක්‌කර හාරසීයක අලුතින් පොල් වගා කිරීමට ඉදිරිපත් කොට ඇති ව්‍යාපෘතියට අවසර ලබා නොදෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී. රවිහරන් මහතා 16 දා මුලතිව් දිසාපතිවරියනේ ඉල්ලා තිබේ.
 
 පොල් සංවර්ධන මණ්‌ඩලය අලුතින් පොල් වගා කිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් බව පවසන රවිහරන් මන්ත්‍රීවරයා ඔවුන් පොල් සිටුවීමෙන් පසුව එම ඉඩම්වල සිංහල ජනතාව පදිංචි කරවීමට සැලසුමක්‌ ඇති බව ද දිසාපතිවරියට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.
 
 මුලතිව් පළාතේ දෙමළ වැසියන්ට අයත් පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමත් බලහත්කාරයෙන් මේ ප්‍රදේශවල සිංහල ජනාවාස ඇති කිරීමත් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට ද හිටපු මන්ත්‍රී රවිහරන් මහතා මුලතිව් දිසාපතිවරියගෙන් ඉල්ලා තිබේ.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles