Divaina - අඩි එකහමාරේ බාස්‌කට්‌ එකට වැටුණු දෙහැවිරිදි දරුවා මියයයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 හුරීගස්‌වැව - ඒ. කරුණාතිලක
 
 වහළයෙන් වැටෙන වතුර එකතුකර ගැනීමට තබා තිබූ ප්ලාස්‌ටික්‌ බාස්‌කට්‌ එකකට වැටී අවුරුදු දෙකක දරුවකු 16 දින මියගොස්‌ ඇතැයි ගල්ගමුව පොලිසිය කීය.
 
 ගල්ගමුව, කරඹෑව පදිංචිව සිටි සප්රාජිගේ සුහයිල්කාන් නමැති දරුවා මෙලෙස මියගොස්‌ ඇතැයි පොලිසිය පැවැසීය.
 
 දරුවා වැටී ඇත්තේ අඩි එකහමාරක්‌ පමණ උස හා උඩ කොටස වට අඩි හතරහමාරක පමණ ප්ලාස්‌ටික්‌ බාස්‌කට්‌ එකක්‌ ඇතුළට බවත් එහි අඟල් පහක්‌ පමණ උසට ජලය තිබූ බවත් හදිසි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත. දරුවාගේ හිස හිස්‌ බාස්‌කට්‌ එකේ යටටත් කකුල් දෙක උඩටත් තිබී ඇති අතර දරුවා බාස්‌කට්‌ එකේදීම මියගොස්‌ ඇති බවද අනාවරණය වී තිබේ.
 
 සිද්ධිය වූ අවස්‌ථාවේදී දරුවාගේ පියා කුලී වැඩට ගොස්‌ ඇති අතර වැඩිමහලු දරුවා පාසල් ගොස්‌ සිටි බවත් කියයි. නිවසේ සිට ඇත්තේ මව හා දරුවා පමණකි. දරුවා වැසිකිළිය ඉදිරිපස නතර කර මව වැසිකිළියට ගොස්‌ ඇති අතර ඇය පිටතට පැමිණ දරුවා සොයද්දී නොසිටි නිසා අසල්වැසියන් සමග එක්‌ව සොයා බලද්දී ඔහු බාස්‌කට්‌ එකේ සිරවී සිටි අයුරු දැක තිබේ.
 
 මේ පිළිබඳව ගල්ගමුව බස්‌නාහිර කෝරළයේ හදිසි මරණ පරීක්‍ෂක ශාන්ත රණවීර මහතා 16 දින පස්‌වරුවේ සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්වීය. දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ සඳහා කුරුණෑගල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කොට වෛද්‍ය වාර්තාවක්‌ කැඳවීමටද හදිසි මරණ පරීක්‍ෂකවරයා පොලිසියට දැනුම් දුන්නේය.
 
 ගල්ගමුව පොලිසියේ කොස්‌තාපල් අජිත් (48369) මෙහි සාක්‌ෂි මෙහෙයවීය.
 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles