Divaina - පොහොට්‌ටුවේ රැස්‌වීමට පැමිණි අයට පහරදුන් එජාප හිටපු සභාපති අත්අඩංගුවට ගල් පහර කෑ දෙදෙනෙක්‌ රෝහලේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 කහවත්ත - ඉන්දික රාජපක්‌ෂ
 
 පොදුජන පෙරමුණේa ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල සතිපොළ භූමියේ පෙරේදා (16 දා) පැවති පොදුජන පෙරමුණේa ජන රැලියට සහභාගි වී නිවෙස්‌ කරා යමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට සහ ඔවුන් පැමිණි බස්‌ රථයකට පැල්මඩුල්ල ඔරලෝසු කණුව අසලදී ගල්මුල් ප්‍රහාරයක්‌ එල්ල වී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ ආධාරකරුවන් දෙදෙනා පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලට සහ රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
 
 පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්‌ෂ්මන් ප්‍රේමරත්න මහතාගේ සංවිධායකත්වයෙන් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ සහභාගිත්වයෙන් සතිපොළ භූමියේ මෙම ජන රැලිය පැවැත්විණි.
 
 ජන රැලියට සහභාගි වී තමන් පැමිණි බස්‌ රථය අසල රැඳී සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌ව ඇති බව පොලිස්‌ පරීක්‌ෂණ මගින් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‌ෂයේaa පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක්‌ සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.
 
 පහරකෑමට ලක්‌වූ පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බී. ඒ. සෝමරත්න මහතා මෙසේ පැවසීය. අපි රැස්‌වීමට සහභාගි වුණා. අපි රැස්‌වීම ඉවර වෙලා බස්‌ එක නතර කරලා තිබුණ තැපැල් කන්තෝරුව ළඟට ආවා. මම එනකොට බස්‌ එකට ගොඩක්‌ අය නැඟලා හිටියා. තව කීප දෙනෙක්‌ එනකම් අපි එතන ඉන්නකොට බස්‌ එක අරගෙන පලයන් කියලා එතනට ආපු පිරිසක්‌ අපිට ගහන්න පටන් ගත්තා. මට බිම දාගෙන ගැහුවා. තව මල්ලි කෙනෙකුටත් ගැහුවා. බාප්පට ගහන්නෙ ඇයි කියලා මගේ ඥති පුතෙක්‌ මම ළඟට ආවම එයාටත් පහර දුන්නා. පස්‌සෙ අපිත් එක්‌ක ආව අය අපිව බස්‌ එකට දාගෙන බස්‌ එක පිටත් වෙනකොට ගල්මුල්වලින් අපිට ගැහුවා. බස්‌ එකේ වීදුරු කැඩුණ බස්‌ එක නොනවත්වා ධාවනය කළා අපි කාටවත් කරදරයවක්‌ කළේ නෑ.
 
 පැල්මඩුල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වයි.
 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles