Divaina - සිංගප්පූරුවේ සිට කටුනායකට පැමිණි ඇවන්ගාඞ් සභාපති සේනාධිපති රිමාන්ඞ්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


ඒ. ජේ. ඒ. අබේනායක
 
 ඇවන්ගාඞ් නෞකාවක නීති විරෝධී අන්දමින් ස්වයංක‍්‍රීය ගිනි අවි 816 ක් හා ජීවඋණ්ඩ දෙලක්‍ෂ දෙදහස් නවසිය තිස්පහක් (202935 ක්) සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 7573 ක් යටතේ පවරා ඇති නඩුවේ 7 වන විත්තිකාර ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ලබන මස 8 වැනිදා දක්වා රක්‍ෂිත
 
 බන්ධනාගාරගත කිරීමට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ල ඊයේ (17 දා* පස්වරුවේ නියෝග කළේය.
 
 nisd
 
 මාස තුනහමාරකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා දිවයිනට පැමිණි අවස්ථාවේදී ඊයේ (17 දා* උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබූ එම විත්තිකරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17 දා* පස්වරු 1.30 ට පමණ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි. පසුගිය 8 වැනිදා විත්තියේ නීතිඥවරුන් විසින් මෝසමක් මගින් කළ ඉල්ලීමක් අනුව ඊයේ (17 දා* පස්වරු 2.00 ට විනිසුරු ම`ඩුල්ල රැුස්වූ අවස්ථාවේදී විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා ලබන 21 වැනිදා තවත් බරපතළ ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිතව තිබියදී අධිකරණයට ගරු කරමින් ස්වකැමැත්තෙන් අධිකරණයට පෙනී සිටීම සඳහා ලංකාවට පැමිණි බව විනිසුරු ම`ඩුල්ලට පෙන්වා දුන්නේය.
 
 ලබන 21 වැනිදා ශල්‍යකර්මයට මුහුණදීමෙන් පසුව ඉදිරියට තවත් සති 12 ක කාලයක් ඔහුට වෛද්‍ය නිරීක්‍ෂණ යටතේ විවේකීව සිටිනා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පුරා විනාඩි 50 ක කාලයක් විත්තියේ නීතිඥවරයා අදහස් දැක්වුවත් ඉදිරිපත් කළ මෝසමේ සඳහන් කරුණු ගැන එක වචනයක් හෝ අධිකරණයට කරුණු දැක්වීමක් සිදු නොකළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය. විත්තිකරුගේ වෛද්‍ය වාර්තා තමන්ට ලැබුණේ එම මෝසම කැඳවීමට විනාඩි පහකට පමණ පෙර බැවින් එංගලන්තයේ වෛද්‍යවරුන් ඉදිරිපත් කර ඇති එකී වෛද්‍ය වාර්තා කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙසද ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම් පත‍්‍රය මගින් ඇප ඉල්ලීමක් කර නැතැයිද කියා සිටියේය.
 
 විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමට නියමිතව තිබියදී 2019.07.4 වැනිදා දහවල් තවත් විත්තිකරුවකු සමග රටින් පලාගිය විත්තිකරු යළි දිවයිනට පැමිණියේ යැයි කියන සද්භාවය පිළිබඳව ඉතා බරපතළ සැකයක් පැමිණිල්ලට ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. ඔහුගේ පෙර හා පසු ක‍්‍රියා කලාපය අනුව ඔහු අතිශයින්ම වංක ලෙස කටයුතු කර ඇති බැවින් ඇප ලබාදීමක් සිදු කළහොත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් ඇප ලබා නොදෙන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 මාස තුනකට අධික කාලයක් අධිකරණය මගහැර ගොස් සිට අවිධිමත් ආකාරයෙන් මෝසමක් ඉදිරිපත් කර ලංකාවට පැමිණි විත්තිකරුට ඇප ලබා දුන්නොත් රටේ ජනතාව මේ රටේ අධිකරණයේ ක‍්‍රියා කලාපය පිළිබඳ කුමන ආකාරයෙන් සිතනු ඇතැයිද කියා සිතිය යුතුව ඇතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය.
 
 
 
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles