Divaina - සතුන් වත්තේ හෙරොයින් තිප්පොළක් කෝටි 2 ක කුඩු තොගයක් සමග සේවකයකු ඇතුළු 4 ක් අල්ලයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 හේමන්ත රන්දුණු, ප‍්‍රදීප් සමරකෝන් හා ඥානතිස්ස ජයවර්ධන
 
 දෙහිවල ජාතික සත්වෝද්‍යානය හෙරොයින් බෙදාහැරීමේ මධ්‍යස්ථානය කරගත් එහි සේවකයකු දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහාපරිමාණ හෙරොයින් ජාවාරමක සුලමුල හෙළිකරගත් පොලිස් විශේෂ කාර්ය බළකාය සත්වෝද්‍යාන සේවකයා ඇතුළු සිව්දෙනකු සමග රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින්
 
 තොගයක් ඊයේ (17 වැනිදා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත.
 
 සත්වෝද්‍යාන සේවකයා නවාතැන් ගන්නා සත්වෝද්‍යානයේ කාමරයක ස`ගවා තිබූ හෙරොයින් තොගයක් විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන තිබේ.
 
 මෙම සංවිධානාත්මක කල්ලිය ස්ථාන තුනක ස`ගවා තිබියදී සොයාගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑමයකට ආසන්න බව විශේෂ කාර්ය බළකා ආරංචිමාර්ග පැවසීය. මොවුන් සතුව තිබී පිස්තෝලයක් රුපියල් විසිලක්‍ෂයක මුදලක් සහ මෝටර් රථයක්ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
 
 මෙම හෙරොයින් ජාවාරම පිළිබඳ සුලමුල හෙළිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා රාත‍්‍රි දෙහිවල ප‍්‍රදේශයේදී සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීමේදීය.
 
 මෝටර් රථයක යමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා සමග පිස්තෝලයක්ද විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබිණි.
 
 මෙම සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී දෙහිවල ප‍්‍රදේශයේ නිවසක ස`ගවා තිබූ හෙරොයින් තොගයක් සොයා ගැනීමට හැකි විය. මේ අතර මෙම සැකකරුවන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවය කරන තවත් හෙරොයින් ජාවාරම්කරුවකු පිළිබඳ තොරතුරු හෙළි විය.
 
 පසුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඊයේ අලූයම ජාතික සත්වෝද්‍යානයට ඇතුළුවී එම සේවකයාට අයත් කාමරයක් පරීක්‍ෂා කිරීමේදී එහි අල්මාරියක ස`ගවා තිබූ හෙරොයින් ග‍්‍රෑම් 410 ක් සොයාගෙන ඇත.
 
 පසුව මෙම ජාවාරම මෙහෙයවන සත්වෝද්‍යාන සේවකයාද අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබේ.
 
 බන්ධනාගාරගතව සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු විසින් අලෙවි කිරීම සඳහා හෙරොයින් තොග පිටින් තමන්ට ලබා දෙන බව සැකකරු පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.
 
 පොලිසියේ අවධානය යොමු නොවන නිසා හෙරොයින් තොග ජාතික සත්වෝද්‍යානයේ පිහිටි තම කාමරයේ ස`ගවා තබාගෙන අවශ්‍ය වේලාවට එම හෙරොයින් පිටතට රැුගෙන ගොස් අලෙවි කරන බවද සැකකරු පොලිසියට පවසා තිබේ.
 
 සත්වෝද්‍යාන බලධාරීන්ගේ අවධානයට ලක් නොවන ආකාරයට සැකාකර සේවකයා දීර්ඝ කාලයක සිට මෙම මහාපරිමාණ හෙරොයින් ජාවාරම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
 
 පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් ජාවාරම්කරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් කොට්ඨාසය වෙත භාර දී ඇත.
 
 පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් අධිකාරී එම්. විමලරත්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්විණි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles