Divaina - බි‍්‍රගේඩියර් ප‍්‍රියංකට එරෙහි නඩුව අද ලන්ඩනයේදී විභාගයට ගනී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 pruyanjaකොටි ඩයස්පෝරා ක‍්‍රියාකාරීන්ට තර්ජනය කළ බවට චෝදනා කරමින් ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකව සිටි බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව අද (18දා* විභාගයට ගැනීමට ලන්ඩන් අධිකරණය තීරණය කර ඇත.
 
 මෙහිදී බි‍්‍රගේඩියර්වරයාට තානාපති මුක්තිය තිබේද යන්න ගැන ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය වූ සෝනියා ශෙන්ලි විසින් නිරීක්‍ෂණය කිරීමට නියමිතය.
 
 බි‍්‍රගේඩියර් ප‍්‍රියංක පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණය වෙත දන්වා ඇත්තේ තානාපති වරප‍්‍රසාද හිමි බි‍්‍රගේඩියර්වරයාට එරෙහි මේ නඩුව ප‍්‍රතික්‍ෂේප කරන ලෙසයි.
 
 අද ආරම්භ වන නඩු විභාගය හමුවේ බි‍්‍රගේඩියර්වරයා පෙනී සිටින්නේ නැත.
 
 බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය විසින් බි‍්‍රගේඩියර්වරයාට තානාපති මුක්තිය ඇති බව අධිකරණයට දන්වා තිබේ.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles