Divaina - ''ස්‌පා'' හබය දුරදිගගොස්‌' පහර කෑ සිසුවාට බරපතළයි..... ගැටුමට සම්බන්ධ සිසුන්ට ඇප දුන්නැයි පැමිණිලි පාර්ශ්aවයෙන් චෝදනා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


කිරිමැටියාන - ඇන්ටනි රෝස්‌
 
 ස්‌පා ආයතනයකට යැමට එරෙහි වූ බව කියමින් සිසුන් පිරිසක්‌ පාසල තුළදීම සිදුකළ පහරදීමක්‌ නිසා දංකොටුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෙන්නප්පුව ශාන්ත ජෝaශප් වාස්‌ විදුහලේ සිසුවාගේ තත්ත්වය බරපතළ බව කියමින් ඔහුව මාරවිල රජයේ රෝහලට ඊයේ දින (10 දා) මාරු කර තිබේ. මෙම පහරදීම සිදුකළ සිසුන් පිරිසකට වෙන්නප්පුව පොලිසිය විසින් ඇප ලබාදීම තමන් තරයේ හෙළා දකින බව පැමිණිලි පාර්ශ්වය මාධ්‍යයට පැවසීය.
 
 මෙම විදුහලේ 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවකුට තවත් සිසුන් පිරිසක්‌ විසින් 08 වැනි දින පාසල තුළදී මෙම පහරදීම සිදුකර තිබූ අතර පහරකෑමට ලක්‌වූ සිසුවාව එදිනම දංකොටුව රෝහලට ඇතුළත් කොට තිබිණි. පසුව ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා මාරවිල රෝහලේ 01 වන වාට්‌ටුවට ඇතුළත් කර ඇති බැව් වෙන්නප්පුව පොලිසිය කීය.
 
 විදුහල්පති පියනම විසින් පහරදීම සිදුකළ සිසුන් හා දෙමාපියන් කැඳවා අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ කරන ලද බව වෙන්නප්පුව කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‌ෂ චම්ලි කුරුකුලසූරිය මහතා මාධ්‍යයට පැවසීය. නමුත් වෙන්නප්පුව පොලිසිය විසින් පහරදීම සිදුකළ සිසුන්ගෙන් තිදෙනෙක්‌ පොලිසියට කැඳවා දැනට ඇප ලබාදී තිබීම නීතියට පිටුපා යැමක්‌ බවත් එය අධිකරණය මගින් සිදුවිය යුතු දෙයක්‌ බවත් පැමිණිලි පාර්ශ්aවය වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
 කෙසේaa වෙතත් මේ සම්බන්ධව වෙන්නප්පුව පොලිසියෙන් මාධ්‍ය මගින් කරුණු විමසීමේදී දැනගත හැකි වූයේ පහරදීම සිදුකළ බව කියන සිසුන් පස්‌ දෙනාගෙන් දැනට තිදෙනෙක්‌ පමණක්‌ පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කර ඇති නිසා අනෙක්‌ දෙදෙනාට ද 10 වැනිදා දින පොලිසියට කැඳවා ඔවුන් සියලුම දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
 වෙන්නප්පුව පොලිසිය මගින් හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් සපුරා තහනම් කර ඇති ස්‌පා ආයතන තවදුරටත් මෙසේ රහසිගතව පවත්වාගෙන යන්නන්ට එරෙහිව මේ දක්‌වා නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම මෙම සිද්ධියට ප්‍රධානම කරුණක්‌ බැව් මෙම සිද්ධියට සම්බන්ධ පාසල් දරුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles