Divaina - දින 8 ක්‌ පුරා අතුරුදන්ව සිටි ගම්පොළ ගුරුවරියගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක්‌

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 ගම්පොළ - සුරංග දිල්හාන්

 

dedlady444
 
 දින 8 ක්‌ පුරා අතුරුදන්ව සිටි වික්‌ටෝරියා ජලාශයෙන් සොයාගත් ගම්පොළ පාසල් ගුරුවරියගේ අවසන් කටයුතු පෙරේදා (09 දා) සිදුකරන ලදී.
 
 සිරුර පිළිබඳව පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සිවසුබ්‍රමනියම් මහතා විවෘත තීන්දුවක්‌ ලබා දී ඇත.
 
 සිරුර බෙහෙවින් නරක්‌ වී තිබීම හා අභ්‍යන්තර ඉJද්‍රියන්ට හානි වී තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබිණ.
 
 ගම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි තරුණ ගුරුවරිය මෙම මස 01 දින සිට අතුරුදන්ව සිටියාය.
 
 ඇය හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන අතර පාසල නිම වී ගම්පොළ නිවසට එමින් සිටියදී නිවසට මීටර් 100 ක්‌ පමණ ආසන්නයේ සිට ඇය අතුරුදන්ව සිටියාය.
 
 ගම්පොළ පොලිසිය විවිධ පැති ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වමින් සිටියදී නිසංසලාගේ මවුපියන් හා ඥාතීන් ද ඇය සෙවීම ආරම්භ කර තිබිණි.
 
 මේ අතර මහවැලි ගඟේ ගසාගෙන ගිය සිරුරක්‌ මහනුවර පොල්ගොල්ල ජලාශයෙන් ද පහළට වැටී ගමන් කරන බවට තොරතුරක්‌ ලැබී තිබූ අතර, 7 වන දින රාත්‍රී වික්‌ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ කාන්තා මළසිරුරක්‌ ඇති බවට ධීවරයකුගෙන් ලද තොරතුරකට අනුව එම සිරුර එදින රාත්‍රියේ ගොඩ ගනු ලැබීය.
 
 8 වන දින මෙම සිරුර නිසංසලාගේ බවට හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය මහනුවර මහෙස්‌ත්‍රාත් එම් සරිප්ඩීන් මහතා විසින් පවත්වනු ලැබීය.
 
 ඒ අනුව ඊයේ 9 දින දහවල් නිසංසලාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු මෙසේ සිදුකරනු ලැබීය.
 
 කෙසේ නමුත් ඇය නිවසට ගමන් ගත් මා_ගයේ ඇති පැති කාණුවට වැටී ගසාගෙන යන්නට ඇතැයි යන සැකය මත පෙරේදා පෙරවරුවේද ගම්පොල අපරාධ අංශ නිලධාරීන් හා සොකො නිලධාරීහු ඇය එම ඇළට වැටෙන්නට ඇතැයි සැක කරන ස්‌ථානය පරීක්‍ෂා කරනු ලැබීය.
 
 ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ශ්‍රියන්ත පීරිස්‌, පොලිස්‌ අධිකාරි චුලනි වීරරත්න, පොලිස්‌ අධිකාරි ඕ. පී. අමරබන්දු, ගම්පොළ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති තුසිත හලංගොඩ යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති පො. ප. කපිල බණ්‌ඩාර, පො. සැරයන්වරුන් වන (ed-treatment-info.com) රෝහිත, (11547) සෙනෙවිරත්න, (8305) පාලිත, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (55749) ධම්මික, (55718) පුෂ්පකුමාර, (68694) ඒකනායක හා සොකො නිලධාරීන් වන පො. ප. චම්පික විමලරත්න, පො. ප. ලියනගේ, පො. ප. බන්දුල (7343) අලහකෝන්, (12642) රත්නායක, (20191) නිලන්ත යන නිලධාරීහු පරීක්‍ෂණ සිදුකළහ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles